Chitika Smowtion 468x60


Thursday, July 5, 2012

සරච්චන්ද්‍රයන්ගේ ගීත විකෘති කරාට හිරු ටි.වී වෙතින් මිලියන 300 ක් වන්දි ඉල්ලයි


පසුගියදා හිරු ටි.වී ඔස්සේ විකාශය කල "උත්තරීතර සරච්චන්ද්‍ර" නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිලිබඳ සිදු කල වැඩසටහන මගින් "මනමේ" සහ "සිංහබාහු" නාට්‍යයවල ගීත විකෘති කරමින් ඉදිරිපත් කිරීමට විරෝධය පා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිඳ වන ලලිතාසරච්චන්ද්‍ර මහත්මිය විසින් එම වැඩසටහන විකාශය කල හිරු ටි.වී නාලිකාව වෙතින් මිලියන 300 ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.

මේ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඒ පිලිබඳ වැඩි දුරටත් කරන හෙළිදරව්වකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' සහ සිංහබාහු නාට්‍ය වල ගීත විකෘති කරමින් ඉදිරිපත් කල වැඩසටහනකට විරුද්ධව ලක්ෂ 300ක වන්දි ඉල්ලමින් ඔබ රුපවාහිනි නාලිකාවකට එන්තරවාසියක් නිකුත් කල බව දැනගන්න ලැබෙනවා. මොකද්ද මේ සිදුවීම ?
මම සාමාන්‍යයෙන් හිරු ටී.වී. බලන කෙනෙක් නෙමෙයි. එත් අහම්බෙන් වගේ පසුගිය 13 වැනිදා මම හිරු ටී.වී. බලනකොට ඒකෙ 'උත්තරීතර සරච්චන්ද්‍ර ' කියල ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ඩොක්ටර් සරච්චන්ද්‍ර ගැන කරන ඩොකියුමන්ට්‍රි එකක්. 


ඒක තනිකරම මගෙන් කිසිදු අවසරයක් නැතුව ඩොක්ටර්ගේ නාට්‍ය සින්දු විකෘති කරමින්, පවුලේ අයගේ පෙන්විය යුතු නොවන ඇතැම් දේ පෙන්වමින් සරච්චන්ද්‍රයන්ට අගෞරව වන විදියට කරලා තියෙන්නේ.

මේ වැඩසටහන මෙහෙයවීම සහ ඊට සම්බන්ධ වන්නේ කවුද? 
හිරු ටී.වී. එකේ අය සහ ඒ වැඩසටහන වෙනුවෙන් ගෙන්වාගත් පුද්ගලයන් තමයි මේක කරන්නේ. අවස්ථා දෙකක ගුණදාස අමරසේකර මහත්තයා සහ සුචරිත ගම්ලත් මහත්තයාව මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්ටර්විව් කරලා තියනවා. 


ඒ මිනිස්සු දන්නැනේ මෙහෙම දෙයක් . ඇත්තටම ඒ දෙන්න ඇරුණම වැඩසටහනේ හිටපු අනිත් එක්කෙනෙක්වත් ඩොක්ටර් ගැන දැනුවත් නැහැ. එක්කෙනෙක් මීට අවුරුදු ගණනකට කලින් ඩොක්ටර් බැනල එලවපු එක්කෙනෙක්. අනිත් කෙනා මම බැනල එලවපු කෙනෙක්. 

'මනමේ' සහ 'සිංහබාහු' නාට්‍යයේ එන ඇතැම් සින්දු විකෘති කරමින් ගායනා කළා කියලා කියන්නේ මොන පදනමෙන්ද ?
 
ඇත්තෙන්ම හිරු ටී.වී. එකේ මේ සින්දු ගායනා කල කෙනා 'මනමේ' , සිංහබාහු වල ඇතැම් සින්දු පියානෝ එක්ක වාදනය කරමින් ,හිසවනමින් ඉතා විකෘති ආකාරයට ගායනා කලේ. 


නාට්‍යයක සින්දු ඇහැට පෙනෙන්න ටී.වී එකේ යද්දී ඒක නාට්‍යයේ චරිතයට බාධා නොවෙන්නයි කරන්න ඕනේ. ' නැත ලොවේ අන් රසඳුනා- ආදරේ සේ සුවදෙනා' කියල බොහොම සෞම්‍ය විදිහට සුප්පා දෙවි කියන්නේ. මේ වචන ඇහුවම මිනිස්සුන්ගේ හිතේ මවෙන්න ඕන ඒක මිසක් මේ විකෘතීන් නෙවෙයි.

මෙම වැඩසටහන පිලිබඳ අදාළ නාලිකාවේ හෝ එම වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඔබට කිසිදු පුර්ව දැනුම්දීමක් කලේ නැද්ද? 
නැහැ. මම අහම්බෙන් වගේ ටී.වී ඒක බැලුවේ නැත්නම් මම තවම මේ ව්කෘති වැඩ දන්නෙ නැහැ.

ඔබ මේ වැඩසටහන විකාශයෙන් පසු ඒ ගැන විරෝධය පල කරමින් එම ආයතනයට හි අදාල පුද්ගලයන්ට කතාකලාද?
නැහැ. මම ඔවුන්ට කතා කළේ නැහැ. ඒකට තමයි මම මේ නීත්‍යානුකුල පියවර ගත්තේ.

ලක්ෂ තුන්සියයක වන්දි ඉල්ලමින් මේ එන්තරවාසිය යවන්නේ කුමන කාරණා පදනම් කරගෙනද?
 
මූලිකවම මගේ කිසිදු දැනුවත්භාවයකින් , අවසරයකින් තොරව අපේ සින්දු විකෘති කිරීමටයි .ඇත්තටම මම කරුණු ගණනාවක් සලක බලලි මේ චෝදනාව ගොනු කළේ . පළමුවෙන්ම මට නීතියෙන් සම්පුර්ණයෙන්ම අයිතිය ලබාදී තිබෙනවා මේ නිර්මාණ ආරක්ෂා කිරීමට සහ එහි අයිතිය පිලිබඳ . 


දෙවනුව තවමත් මම පෙන්වන නාට්‍ය මේවා. ඒ පෙන්වන නාට්‍යයේ සින්දු විකෘති කරනකොට මගේ නාට්‍යයේ සින්දුයි ,විකෘති සින්දුයි අතර වෙනසක් තියෙද්දී මේක කරන්න බෑනේ. 

තුන්වෙනුවට මේ විදිහට හැමෝම සින්දු කියන්න ගත්තොත් අනාගතේදී මේවට මොනවද වෙන්නේ ? මේවට ඉඩ දුන්නොත් ,අනුබල දුන්නොත් ඉස්සරහට මොන නාඩගම් නටාවිද කියල මට හිතාගන්න බෑ.

හතරවැන්න මගේ නළු නිළියෝ , ප්‍රේක්‍ෂකයෝ අවුරුදු පනස් ගණනක් තිස්සේ අපේ නාට්‍ය වලට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් මම අනිවාර්යයෙන්ම මේක ආරක්ෂා කරගත යුතුයි. එහෙම නැතිවුනොත් ඒ අය මට චෝදනා කරාවි මනුස්ස දුව නාට්‍ය කර කර බලන් ඉන්නවා කියලා. 

ඊළග කාරණාව මගේ රැකියාව මේක , මම ජීවත්වෙන්නේ නාට්‍ය කරලා. එතකොට මේක හැමෝම විකෘති කරලා හැම තැනම කරන්න ගත්තම මට මේක කරන්න පුලුවන්ද?. අන්තිම කාරණාව මම කවදාවත් ,කාටවත් සින්දු කියන්න එපා කියලා කියන්නේ නෑ.මේක කරන්නෙපා කියලා කියන්නේ නෑ . මම කියන්නේ මේවා මගේ දැනුවත්කමින් හරිවිදිහට කරන්න ඕනේ කියලා.

ප්‍රසිද්ධම නාට්‍ය නළුවෙක් ඉන්නවා,දැන් අවුරුදු දහඅටක් වෙනවා ඩොක්ටර් මේ පුද්ගලයා අපේ නාට්‍ය වලින් එළවලා. අපි කොච්චර එපා කිව්වත් අහන්නෙම නෑ. අපේ සින්දු කියා කියා නාට්‍ය කොටස් කර කර සල්ලි හම්බ කරනවා. අපේ විරෝධතාව මැද අවුරුදු ගණනක් තිස්සේ හම්බ කරන කන පුදුම මිනිහෙක් ඒ.මම එයටත් එන්තරවාසි යවනවා ළඟදීම.

ලංකාවේ නීතිය තුල මෙරට බුද්ධිමය දේපළ නීතිය හා ක්‍රියාකාරීත්වය ගැන ඔබ තෘප්තිමත්ද?
මේ දේට අදාළ නීතිය එහෙමම තියනවා. හැබැයි නීතිය තිබුණා කියලා අපි පැත්තකට වෙලා හිටියොත් වැඩක් නෑ.බුද්ධිමය දේපළ නීතිය ක්‍රියාත්මක කරන්න නම් අපි සටන් කරන්න ඕන. අපිට තියෙන අයිතිය ගන්න අපි ඒ වෙනුවෙ සටන් කරන්න ඕන.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ වල නීත්‍යනුකුල අයිතිය සම්පුර්ණයෙන්ම ඔබට හිමි වුණත්, ඔබේ මේ හැසිරීම තුළ කෙනෙකුට කියන්න පුළුවන් ඔබ සැමියාගේ දේපළ වෙනුවෙන් අයුතු විදිහට පෙනී සිටිනවා කියල. 
මම අයුතු විදියට පෙනී ඉන්නවා නම් මම නීතිය ඉදිරියට යන්නේ නෑනේ. මට නීතියෙන් ලැබුණ අයිතියක් මේ. එහෙම අයුතු විදිහට පෙනී ඉඳල නීතිය ඉදිරියේ පරාජය වෙන්න මම කැමතිද? එහෙනම් 'මනමේ', 'සිංහබාහු' කොපමණ වාර ගණනක් ඉස්කෝලවල පෙන්නනවද? ඒ හැම එකක්ම කරන්නේ අවශ්‍ය අවසර අරන් , මගේ විරුද්ධවාදින් පවා මම ඒ වගේ අවස්ථාවල ලිඛිත අවසර දීල තිබෙනවා. 


ලක්ෂ තුන්සියයක වන්දි ඉල්ලමින් ඔබ හිරු ටී.වී. ඒකට එන්තරවාසියක් යැව්වම ඒ ගැන විමසමින් ඔවුන් ඔබට කතා කලාද?
තවම නෑ... සමහරවිට මගේ ලෝය(ර්) එක්ක එයාල කතා කරවී, මාව මුණගැහෙන්න ආවොත් මට ඔවුන්ට කියන්න දේවල් තියනවා. පත්තරේ දාන්න බැරි දේවල් මට ඔවුන්ට කියන්න පුළුවන් .


මේගොල්ලෝ කළ දේවල් කොච්චර වැරදිද කියල පත්තරේ දාලා හිරු ටී.වී ඒක බින්දුවට මම කැමති නෑ . මට එහෙම අවශ්‍ය නෑ මට. අලුත් චැනල් එකක් පටන් ගත්තම එයාල දැනුවත් වෙන්න ඕනේ . මේවා ලංකාවේ මෙච්චර ටී.වී චැනල් තිබුණා කවදාවත් මෙහෙම දේ කළේ නෑ. මොවුන් මගේ නීත්‍යනුකුල අයිතියටත් වැඩ සදාචාරාත්මක අයිතියක් උල්ලංඝනය කළා .

සරච්චන්ද්‍ර 'මනමේ' නාට්‍ය නිර්මාණයේදී අකීරා කුරසෝවාගේ රෂොමාන් චිත්‍රපටයේත් , චුල්ලධනුද්ධර ජාතකයේත් .ආභාසය පැහැදිලිවම ලබා ගන්නවා . මේ පසුබිම තුළ කෙනෙකුට කියන්න පුළුවන් ඔබ මේ නාට්‍යවල සම්පුර්ණ අයිතිය වෙනුවෙන් සිටිනවා වගේ 'මනමේ' සඳහා තම කෘතිවල ආභාසය ගත්ත කියලා. අකීරා කුරසෝවාගේ පරපුරේ කිසිවෙකු හෝ චාර්ලිස් ගුරුන්නාන්සේගේ පරපුරේ කවුරු හෝ පෙනී සිටියහොත්? 
එහෙම එකක් නෑ දැන් ඒවා ඒ කාලෙත් ඉවරයි. ඩොක්ටර් ඒ වෙනුවෙන් අදාළ පියවර ගන්න ඇති.එහෙම නැතුව ඒ පරපුරට උත්තර දෙන්න මම බැඳිලා නෑ.සන්නස්ගල සමග වූ සුප්‍රීම් කෝට් එකේ ත්‍රිපුද්ගල කමිටුවෙන් මගේ නිර්මාණ අයිතිය මට හිමි වුණා.

ඔබ මීට පෙරත් 'මනමේ' නාට්‍ය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව නඩු ගොනු කළ අවස්ථාවේ ඔබට චෝදනාවක් නැගුණා ඔබ මුදල් වෙනුවෙන් නඩු ගොනු කරන බවට. මේ අවස්ථාවේදීත් ඔබට ඒ චෝදනාවම එල්ල වුණොත්? 
නෑ.......මට සල්ලි ඕනේ නෑ . මම පෙනී සිටින්නේ සරච්චන්ද්‍රයන්ගේ අනන්‍යතාව වෙනුවෙන්. ඕන කෙනෙකු අපේ නාට්‍ය සින්දු කියන්න පුළුවන්, හැබැයි සම්ප්‍රදාය අනුව ලෝකෙට යන්න ඕන සරච්චන්ද්‍රයන්ගේ මේ අනන්‍යතාව මිසක් පියානෝ ගගහ සින්දු කියන අ
 නෙවෙයි.









Source: http://www.gossip9.com/2012/07/300.html#ixzz1zgaB0Cbv

Share this article with your friends