Chitika Smowtion 468x60


Thursday, July 5, 2012

මඩ ගහන වෙබ් අඩවි සියල්ල තහනම් කරනවා - කෙහෙලිය


මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.
ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා සඳහන් කරයි. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කියයි.
මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
අප අමාත්‍යවරයාට මතක් කර දෙන්නේ ස්වාධීන රුපවාහිනී පුවත්, විමසුම වැඩසටහන,දිණමින පුවත්පත, ලක්හඩ ගුවන් විදුලිය මෙන්ම සෑම දිනකම උදෑසන හඩ්සන් සමරසිංහ විසින් මෙහෙයවන වැඩසටහන අයත් වන්නේ මඩවලට නොවෙද යන්නයි. වෙබ් අඩවිවල මඩ හෙවීමට පෙර තමන්ගේ අමාතංශය යටතේ ඇති ආයතනවල ඇති දූෂිත භාවය මෙන්ම එම මාධ්‍ය ක්‍රියාත්මක කරන වෛරී සහගත මඩ ප්‍රහාර සම්බන්ධව තමන්ගේ අවධානය යොමුකරන ලෙස අප යෝජනා කරමු
- yukthiya.com

Share this article with your friends