Chitika Smowtion 468x60


Thursday, July 5, 2012

ලංකාවට අම්ල වැසි අවදානමක් ?


ශ්‍රී ලංකාවට ඇද හැළුණු වැසි කිහිපයකට අම්ල වැසි වල පූර්ව තත්වයන් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවදානමක් මතුවිය හැකි 
 බවත් පසුගිය කාලයේ දී ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට හේතුවක් වී ඇති බව පරීක්ෂණයෙන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.


ලංකාවට ඉහලින් ඇති වායු ගෝලයේ පවතින විෂ ක්‍ෂුද්‍ර දූෂක අංශු හේතුවෙන් හෘද රෝග, පිළිකා, ඇදුම, අංශභාග රෝගය මෙන්ම බිලිඳු කළලවලට හානි වීම වැනි තත්වයන් ඇතිවිය හැකි යැයි ද එම පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවයි සඳහන් වෙන්නේ..


මේ අතර තවත් පිරිසක් පවසන්නේ මෙම ප්‍රතිඵල වලට හේතුව ලංකාවට ගෙන්වන වාහනම දැයි පරීක්ෂකයන් සොයාගත්තේ කෙසේද යන්නයි. අළුත් වාහන වල පරිසරයට අහිතකර වායු පිටවීම ඉතාම අවම අතර ගල් අඟුරු බලාගාර නිසා මෙසේ අම්ල වැසි ඇති විය හැකි බවද සඳහන්. 



ආණ්ඩුවේ වාහන බදු අසීමිත ලෙස ඉහළ නැංවීම සාධාරණීකරණ කිරීම සඳහා මෙවැනි බොරු මතවාද පතුරුවාහරින බවත් ඇතැමුන් චෝදනා කරනවා.







Source: http://www.gossip9.com/2012/07/blog-post_03.html#ixzz1zgWPg6Zr

Share this article with your friends