2004 දෙසැම්බර් අගසතියේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබිණ. ඉන් බහුතරය පූර්ව කොන්දේසී හෝ ගිවිසුම්වලින් තොරව සෘජුවම ලැබුණු විදේශ ආධාර විය. මෙම ආධාර ප්‍රමාණයෙන් 30% කට වැඩි ප්‍රමාණයක් දූෂණයට සහ වංචාවට ගොදුරුවූ බව මාධ්‍ය මගින් අනාවරනය කර තිබිණ. එයින් ප්‍රමුඛතම සිදුවීම වූයේ සුනාමි ආධාර ලෙස ලැබුනු රුපියල් අට කෝටි විසි ලක්ෂයක මුදලක් එවක අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමය. ‘හෙල්පින් හම්බන්තොට’ ලෙස ප්‍රසිද්ධියට පත් මෙම සිදුවීමට අදාලව පැවති පරීක්ෂණද පසුව නතර කර දැමිණ.
2002-2010 කාලය තුල ශ්‍රී ලාංකිකයන් විසින් ස්විස් බැංකු ගිණුම් තුල තැන්පත් කළ වැඩිම මුදල් ප්‍රමාණයද තැන්පත් කර ඇත්තේ 2005 වසරේය. ස්විස් මහබැංකු වාර්තාවන්ට අනුව එය ස්විස් ෆ්රෑන්ක් දහහත්කෝටි හැත්තෑ හයලක්ෂයකි. ශ්‍රී ලාංකිකයන් විසින් ස්විස් බැංකු තුල නැත්පත් කළ දෙවන උපරිම මුදල් ප්‍රමාණය 2007 වසරේ තැන්පත් කොට ඇත. එම ප්‍රමාණය ස්විස් ෆ්රෑන්ක් දොලොස් කෝටි තිස්පන් ලක්ෂයකි. අදාල වසරේ ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 6ක් මිලට ගනු ලැබිණ. එම ගණුදෙනුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දූෂණ ක්‍රියාවලියක නිරතවූ බවට අල්ලස් හා දූෂණ කොමිෂම වෙත පැමිණිල්ලක්ද ලැබී ඇත.ශ්‍රී ලාංකිකයන් විසින් තෙවන වැඩිම මුදල් ප්‍රමාණය ස්විස් ෆ්රෑන්ක් දොලොස් කෝටි දහතුන් ලක්ෂයක් 2010 වසරේදී තැන්පත් කර ඇත. එම වසරේදී හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා චිනය සමග ශ්‍රී ලංකා රජය ගිවිසුමකට එළැඹ ඇති අතර ඒ පිළිබදවද බරපතල දූෂණ චෝදනා එල්ලවී ඇත.
2008 වසරේදී ශ්‍රී ලංකාව චෙක් ජනරජයෙන් සන්නාහ සහ සන්නද්ධ ප්‍රවාහන රථ (Armed Personal Carriers) 60 කට අධික ප්‍රමාණයක් මිලට ගත් අතර අදාල වසරේ ස්විස් ෆ්රෑන්ක් දසකෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් ස්විස් බැංකු තුල තැන්පත් කර තිබේ.
Source - lankanewsweb.com