රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි. ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය.
ඒ අනුව පසුගිය ජූනි 20 දින සිට 30 දා දක්වා වූ දින 10ක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී වරෙන්තු කරුවන් 2,814ක් අත් අඩංගුවට ගෙන ඇත.
දකුණු පලාතේ තංගල්ල, ගාල්ල, ඇල්පිටිය, මාතර කොට්ඨාශ වලින් වරෙන්තුකරුවන් 550 දෙනෙකුද, වයඹ පලාතේ කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, පුත්තලම හා හලාවත කොට්ඨාශ වලින් 466 දෙනෙකුද,
නැගෙනහිර පලාතේ අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, කන්තලේ කොට්ඨාශ වලින් 375 දෙනෙකුද, උතුරුමැද පලාතේ වව්නියාව, යාපනය, කිලිනොච්චිය, කන්කසන්තිඋරේ, මන්නාරම, මාන්කුලම්, මුලතිව් කොට්ඨාශ වලින් 122 දෙනෙකුද,
මධ්‍යම පලාතේ මහනුවර, ගම්පල, මාතලේ නුවරඑළිය, හැටන් යන ප්‍රදේශ වලින් 573 දෙනෙකුද, උතුරුමැද අනුරාධපුර, පොළොන්නරුව කඔට්ඨාශ වලින් වරෙන්තු කරුවන් 215ක්ද, ඌව පලාතේ බදුල්ල, මොනරාගල, බණ්ඩාරවෙල කොට්ඨාශ වලින් 196 දෙනෙකුද,
සබරගමුව පලාතේ කෑගල්ල, රත්නපුර හා සීතාවක කොට්ඨාශ වලින් වරෙන්තු කරුවන් 317 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇත.
ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන ව්‍යාජ බලපත්‍රයක් සාදා පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් වංචා කිරීම නිසා ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ විරුද්ධවද වරෙන්තුවක් ඇත.
එම වරෙන්තුව නිකුත් වූයේ පසුගිය පසුගිය ජුලි 19 වන දිනය. තව සති 2කින් වරෙන්තුවට වසරකි.
නමුත් පොලීසියට ඔහුව පෙනෙන්නේ නැත. කසිප්පු කාලක් රැගෙන යන කෙනෙකුට දෙකක් නෙලා කූඩුවට දමනා ශ්‍රී ලංකා පොලීසියට අයි.ටී.එන් කාර්යාලයේ සිටිනා සුදර්මන් අත් අඩංගුවට ගැනීමට කොන්දක් නැත.
සුදර්මන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර මාස 6කට පසුවත් පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට නොගත් නිසා කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය පෙබරවාරි 09 වෙනිදා යලිත් වරක් පොලීසියට නියෝග කළේ තරාතිරම නොබලා ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙසය.
නමුත් එම නියෝගයත් පොලීසිය නොතැකූ නිසා සුදර්මන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් යළිත් වරක් පොලීසියට නියෝග කලේ පසුගිය මැයි 11වනදාය.
සුදර්මන් රදලියගොඩ යනු ආණ්ඩු පක්ෂයෙන් ජන්දය ඉල්ලූ පුද්ගලයෙකි. ඔහුට 2009 නොවැම්බර් මාසයේ කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් පක්ෂ සංවිධායක ධුරය පිරිනමනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඔහුට දේශපාලන සබඳතා බොහෝ ඇත. ඔහුව අත්අඩංගුවට ගන්නැයි නියෝග කළ විට පොලීසියට සුළුදිය පිටවෙන්නේද එබැවිනි.
පසුගිය දිනෙක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය පවුලේ උදවිය සමඟ අයි.ටී.එන් ආයතනයට පැමිණි අවස්ථාවේ ඔවුනට අයි.ටී.එන් පරිශ්‍රය පෙන්වීමේ වගකීම ගෙන ක්‍රියා කළේද සුදර්මන් රදලියගොඩ විසිනි.
රටේ සිදුවන සියල්ල දන්නා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සුදර්මන්ට වරෙන්තුවක් ඇති බව නොදැන සිටියාද නැතහොත් දැන දැනත් නිවටයෙකු සේ සිටියාදැයි අප දන්නේ නැත.
පසුගියදා කටුවන ජුලම්පිටිය ප්‍රදේශයේ ඇතිවූ වෙඩිතැබීමේ ප්‍රධාන සැකකරු වන ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එම සිද්ධිය සිදුවන අවස්ථාව වනවිට වරෙන්තු 5ක් වෙනත් නඩු සඳහා නිකුත්වී තිබුණි. නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමටද පොලීසියට කොන්දක් නොතිබුණි. ඒ හම්බන්තොට දේශපාලඥයන් ජුලම්පිටියේ අමරේ වැනි මිනීමරුවන් ආරක්ෂා කළ නිසාය.
සුදර්මන් පිළිබඳව මීට පෙර කීප අවස්ථාවකදී අප කතා කර ඇත්තෙමු. ලෝක විනාසයට පෙර ඔහුට නීතිය ක්‍රියාත්මක වේදැයි අප බලාසිටිමු.
Source: http://www.gossip9.com/2012/07/2814.html#ixzz1zgjgSYan