ඔහු ඒ සම්බඳයෙන් ලියූ ලිපියක සඳහන් වන්නේ ශ්‍රමිකයන් හට තමන්ට කැමති ආගමික නායකයෙකුට වන්දනාමාන කිරීමට පවා අවස්ථාව නොලැබෙන අතර එසේ කලහොත් ඊට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.
රන්ජන් රාමණායක මහතා ඒ පිළිබඳව සඳහන් කරමින් ලියූ ලිපිය පහතින්.
පසුගිය දිනෙක සෞදි අරාබියේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිලිරුවකට වන්දනාමාන කිරීමේදී, ෂරියා නීතියට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු අත් අඩංගුවට ගෙන ඇත.
මොහු විදේශ ගමන් බලපත්‍ර අංක 2353715 යටතේ විදේශගත වූ ප්‍රේමනාත් පෙරේරාලාගේ තුංගසිරි නැමති ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකි.
උමුල්මහාමි පොලීසිය මඟින් ඔහුව අත් අඩංගුවට ගත් බව වාතා වී ඇත. මෙය ඉතාම බරපතල තත්වයකි. මේ සම්බන්ධව බත්තරමුල්ලේ පිහිටි විදේශ සේවා කාර්යාංශයට පැමිණිළි අංක CN/158/1205 යටතේ පැමිණිල්ලක් ද කර ඇති නමුත් ඒ සම්බන්ධව මේ වන විටත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ඔහුගේ පවුලේ උදවිය මා හට දන්වා සිටී.
මේ හේතුවෙන් ඔහුගේ ජීවිතය කුමන මොහොතක හෝ විනාශ කිරීමට ඉඩ ඇති තත්වයක් තිබෙන බව තවදුරටත් අවධාරණය කරන අතර අපේ අහිංසක ශ්‍රමිකයන් සෞදියේදී තමන්ට අයිති ආගමක් ඇදහීමට නොහැකි තත්වයට පත්ව ඇත.
සෞදි අරාබියේ සුපිරි වෙළඳ සංකීරණයකදී කුඩා දරුවකු දෙස බලා සිටියා යැයි කියූ අතේ කළු නූලක් ගැටගසාගෙන සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය ඒ කුඩා දැරියට සූනියම් කරන බවට සැක සිතා අත් අඩංගුවට ගෙන ඇත.
ෂරියා නීතිය යටතේ සෞදියේදී අත් අඩංගුවට පැමිණවිය හැකි කාරණා පිළිබඳව විදේශ සේවා කාර්යාංශය ශ්‍රමිකයන් දැණුවත් නොකිරීම නිසා හිස දංගෙඩියට යන අපේ ශ්‍රමිකයන් ගණන අති විශාලය.
ඉදිරි දින වලදී කුමන මොහොතක හෝ හදිසියේදී මේ අසාධාරණයට ලක්ව සිටින අහිංසක ශ්‍රමිකයා වරදකරු කර ගෙල කපා මරා දැමීමට තීරණය කිරීමට ඉඩ ඇත.
අපරටින් විදේශගතවන ශ්‍රමිකයෝ වැඩි පිරිසක් බෞද්ධයෝ ය. ඔවුන් නොයෙක් අවස්ථා වලදී සේවය කරන නිවෙස් වල හාම්පුතුන් හා කාන්තා ශ්‍රමිකයන්ට කරන ඉල්ලීම් වලට අකමැති උවහොත් නොයෙක් කරදර විවිධ වධහිංසා පමුණුවන බව මීට ඉහත දී වාර්තා වී තිබෙනවා. එපමණක් නොව සමහර හාම්පුතුන් අපේ බෞද්ධ ශ්‍රමිකයින් බලහත්කාරයෙන් ඉස්ලාමීය ආගමට බඳවාගන්නා බවට වාර්තා වනවා.
මීට ඉහතදී සෞදි අරාබියේ පිරිමි ශ්‍රමිකයන් 4දෙනකු ගෙල කපා මරා දමන ලදී. ගැහැණු ශ්‍රමිකයන්ට ෂරියා නීතිය යටතේ මුස්ලිම් ඇඳුම් වලින් සැරසීමටත් බලහත්කාරයෙන් ඉස්ලාම් ධර්මයට හරවා ගැනීමටත් මොට්ටැක්කිලිය පැළඳවීමටත් බලකරන බවට තොරතුරු ලැබී ඇත.
මෙම තත්වය මත වර්ථමාන රජය මෙම අහිංසක ශ්‍රමිකයන් පිළිබඳව කිසිම තැකීමක් නොකිරීම කණගාටුදායක තත්වයකි.
විදේශගතවන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සඳහා පවත්වාගෙන යනු ලබන ආයතනය ද ගොළුවන්, බීරන්, අන්ධයන් මෙන් හැසිරෙයි. මෙවැනි අසාධාරණයන්ට එරෙහිව හඬක් නැගීමට ශ්‍රමිකයන්ට හැකියාවක් නැත.
සුභ අනාගතයක් සඳහා ජනතාවට ඇරයුම් කල නායකයන් මෙම අහිංසක ශ්‍රී ලාංකිකයන් විදේශයට යවා ඔවුන්ගේ ජීවිත පවා අනතුරට පත් වෙද්දී ගොලුවත රකිමින් ශ්‍රී ලංකාව තුළ නායකයින්ගේ දරුවන් පිනවීම පිණිස මුදල් රුපියල් බිලියන ගණනින් වැයකර ක්‍රීඩා සැණකෙළි පවත්වයි.
මෙම තත්වය යටතේ අපේ අහිංසක බෞද්ධ ශ්‍රමිකයන් බේරා ගැනීම සඳහා ගරුතර මහා සංඝරත්නය මැදිහත් වේ යැයි ගෞරවයෙන් අපේක්ෂා කරමු.
- පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක
Source: http://www.gossip9.com/2012/07/blog-post_3199.html#ixzz1zgizDW88