Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්














 
 
 
 

Share this article with your friends