Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

කෞතුකාගාර හොරකම කොටින්ගේ ගිණුමට !

අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ ජාතික කෞතුකාගාරයේ පෞරාණික භාණ්ඩ තොගයෙන් කොටසක් මේ වනවිට පොලීසිය විසින් සොයාගන තිබෙනවා.

එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතාගේ 
අත්සනින් යුතුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ය.

කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සමඟ එක්ව මෙම අපරාධ කළ බවද පොලීසිය අධිකරණට වෙත දන්වා ඇත.



මීට පෙර අප විසින් ගෙන ආ ලිපියකට අනුව කෞතුකාගාරයෙන් සොරාගන්නා ලද මෙතෙක් සොයාගන්නා ලද භාණ්ඩ වලින් කොටසක් බිල්ඩර් ප්‍රසාද්ට ලබා දී ඇත්තේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයෙකු බියගම ප්‍රදේශයේ ඉඩමක්‌ විකිණීමට තමා කැඳවාගෙන ගිය අවස්‌ථාවේදීය.

මෙම පුරාවස්‌තුවලින් කොටසක්‌ කැලෑවට විසිකිරීමට රැගෙන ගිය බවත් ඒවා පිළිබඳව ආශාවක්‌ ඇති වී තමා රුපියල් 4,000 ගෙවා එම භාණ්‌ඩ ලබාගත් බවත් ඔහු පවසා තිබේ.

ඉතා අමාරුවෙන් රුපියල් 4,000ක් එල්.ටී.ටී.ඊ සංවිධානය උපයාගන ඇත්තේ ඒ ආකාරයටය.

හෝමාගමින් අත් අඩංගුවට ගත් කාන්තාව පවසා ඇති තොරතුරු වලට අනුව අත් අඩංගුවට පත් මාලිගාවත්තේ ව්‍යාපාරිකයෙකු වූ සුරංග පතිරණ පවසා ඇත්තේ ඔහු ලඟ තිබූ හමුවූ කනේලියන් වර්ගයේ පාෂාණ්යේ මුදුවේ මැණික් ගලත්, රතු පැහැති තවත් මැණික් ගල් 53ක්, විවිධ පාටින් යුත් මැණික් ගල් 6ක්, රු. 5000 රත්‍රන් කාසියක්, රිදී කාසි 1ක්, රත්‍රන් කැට 2ක්, කස්තාන කොපු 2ක් ආදිය ඔහු ලබාගන ඇත්තේ රු. 15,000කට බවය.

පොලීසිය පවසන ආකාරයට මෙම මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානයට ආයුධ ගන්නට මුදල් සඳහා යන්නේ නම් ඔවුන් මෙම කාලයේ දැඩි ආර්ථික අහේනියකට මුහුණපා සිටී. එබැවින් බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සොයාගැනීමක් වන රු. 2,500න් පවුලක් ජීවත් වන ක්‍රමය අනුගමනය කරමින් සිටිනවා විය යුතුය.

ආයුධ ගැනීමට මේ ආකාරයට මුදල් උපයන්නේ නම් වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් ගැනීමට කෞතුකාගාර 2ක් වත් කැඩිය යුතුය. එසේත් නැත්නම් කඩු සොරකම් කලේ ඔවුන්ගේ මීලඟ ඊලාම් යුද්ධය කඩු ෆයිට් යොදාගන කිරීමට විය හැකිය.


 
 
 
 
 

Share this article with your friends