Chitika Smowtion 468x60


Sunday, October 7, 2012

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් ගීතය නිර්මාණය වූ හැටි


මේ දවස්වල පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී භාතිය, සන්තුෂ්, රන්ධින්, උමාරියා, දිනේෂ් සහ කොලවරි ඉංග්‍රීසි ගීතය ගායනා කළ අර්ජුන් එකතුවෙලා ගායනා කරන බොහෝම අපූරු ගීතයන් අපට අසන්නටලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උන්මාදයට පත්වූ අයගේ උන්මාදයට මේ ගීතය බද්ධ වන්නට එහි ගායනය සංගීතය වගේම ගීතයේ පදවැලත් බලපාලා තියෙන බව ඒ නරඹන බොහෝ අය කියන දෙයක්. සරලවම කියනවා නම් “ක්‍රිකට් මැච් එකක” ෆන් එක ගන්න අයට හරියටම සෙට් වෙන වචන සෙට් එකක්” විදියට මේ පදමාලාව හඳුන්වන්න පුළුවනි.

ඒ ගීත පදවැල ලියුවේ නව යොවුන් තරුණයෙක්. ඔහු ලක්මිණ රණසිංහ “Phoenix Ogilvy Advertising” වෙනුවෙන් තමයි ඔහු මේ පදවැල ලියුවේ. පසුගිය දාක මේ යෞවන ගීත රචකයා රිද්මට හමු වුණා.
“මෙම ඇඩ්වටයිසින් එජන්සි එකේ සභාපති අර්වින් වීරක්කොඩි මහතාව මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මම ලියපු හිතුවක්කාර පදවැල එතුමා අනුමත කළ නිසා තමයි මෙම ගීතය නිර්මාණය වුණේ.”


ලක්මිණ කතාබහට එකතු වුණේ ඒ විදිහට. ඇත්තටම මෙය හිතුවක්කාර පදවැලක්. ක්‍රිකට් තරග වෙනුවෙන් නිර්මාණය වන බොහෝ ගීතවල දේශාභිමානය මතු කරවීම සිදුවනවා. ඒත් මේ ගීතය පුරාම තියෙන්නේ ‘සරල’ වචන. අර මුලත් සඳහන් කළ ක්‍රිකට් ෆන් එක මතු කරන වචන.
ගීතය රූප රචනාවක් බවට පත් කළේ චමල් පතිරණ (මියුසික් විඩියෝහි අධ්‍යක්ෂ) වැද්දුව වෙරළ තීරය සහ කාශ්‍යප ස්ටුඩියෝ ගී තමයි මෙය රූපගත කෙරුණේ. (මෙම ඡායාරූප අපට සැපයුවේ නිශ්චල ඡායාරූප ශිල්පී දීප්ති පීරිස්) 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගීතය නිර්මාණය කිරීමේ කාර්යය තමන්ගේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයට ලැබුණ ආකාරයත් ලක්මිණ මෙහිදී පැහැදිලි කළා.

“අයි.සී.සී. එක විසින් මෙම 20යි 20 ක්‍රිකට් තරගයට ගීතයක් නිර්මාණය කරන්නට ලංකාවේ ඇඩ්වටයිසින් ඒජන්සීස් අතර තරගයක් පැවැත්වුවා. එහිදී අපගේ “Phoenix Ogilvy Advertising” එජන්සිය ජයගත්තා. ඊට හේතු වූ කරුණු කිහිපයක් තියෙනවා. 


අපගේ නිර්මාණාත්මක හැකියාව, ධාරිතාව හා මීට පෙර අය කළ දේ ඊට බලපෑවා” අයිෆා සම්මාන උළෙ‍ලේ” සහ පසුගිය වසරේ පැවැති පන්දු වාර 50 ලෝක කුසලාන තරගයේ නිල ප්‍රචාරය කළේ අපි. ඒ වගේම කොකාකෝලා, ෆැන්ටා වැනි ප්‍රමුඛ පෙළේ නිෂ්පාදනවල නිල ප්‍රචාරයත් අපගේ මේ සියලුම කටයුතු නිසා තමයි අපට මෙම ගීතය නිර්මාණයට අවස්ථාව උදාවුණේ.

විස්සයි විස්සේ
විස්සයි විස්සේ

ගැස්සේ ගැස්සේ
සික්සර් අස්සේ
දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ
ෆ්‍රී හිට් ඔස්සේ
යෝකර් මැද්දේ
පපරේ සද්දේ උස්සාදේ හැමතිස්සේ

විස්සයි විස්සේ
පිත්තේ අස්සේ
දුස්රා ගැස්සේ
ස්ලිංගා රිංගා දමයි විස්සයි විස්සේ
විස්සේ රස්නේ
දිස්නේ දෙන්නේ
ෆුල්ටොස් කුඩුවේ වැදිලා බැට් අග්ගිස්සේ

විස්සයි විස්සේ - සික්සර් අස්සේ
විස්සයි විස්සේ - සද්දේ රැව්දේ



ඡායාරූප . තුෂාර දසනායක
- ආරියවංශ කුලතිලක










Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=2927:20--20-------&catid=49:2012-05-03-09-20-11

Share this article with your friends