Chitika Smowtion 468x60


Sunday, October 7, 2012

පුතාට එපා උනාට මටනම් ඕන - මර්වින්


පසුගිය කාලයේ මාධ්‍යය තුලින් ආන්දෝලනයට ලක්වූ මාලක සිල්වා , සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ "ලබන ආත්මේ ඇමති පුතෙක් නොවේවා" යනුවෙනි. 

මේ පිලිබඳ මාධ්‍යයට අදහස් දක්වා ඇති මර්වින් සිල්වා කියා ඇත්තේ තමා නම් එසේ ප්‍රාර්ථනා නොකරන බවයි.එසේම වැඩිදුර අදහස් පළකරමින් මර්වින් කියා තිබුනේ ආචා ර්යවරුන් ඉල්ලා සිටින 6% වැඩ වර්ජනය හේතුවෙන් තමාගේ අචාර්ය පට්ටමද හැල්ලුවී ඇති බවයි.

මර්වින්ගේ සාකච්චාවේ තෝරාගත් කොටස් බලන්න පහතින් 


 “ලබන ආත්මෙ ඇමති පුතෙක් වෙන්න එපා” කියලා ඔබේ පුතා කියලා තිබුණා. ඒ කියමනට ඔබ එකඟ ද?
මම නම් එහෙම කියන්නෙ නැහැ. මට පිනක් තියෙනව නම්, මගේ දක්‍ෂකම් තියෙනව නම් ඉපදෙන ආත්මයක් පාසා රටේ ඉහළ තැන්වලට යයි.

ඇමති පුතුන්ට විශේෂ වරප්‍රසාද ලැබෙනව නේද?
ඇමති පුතාලට දුවලට වෙනම දීමනා ලැබෙන්නේ නැහැනේ. එගොල්ලො හම්බ කරගන්න දේවල් ඒ අය වියදම් කර ගනී. හැබැයි ඉතින් දේශපාලන විරුද්ධවාදීන් හැදෙන එක නම් කොහොම කළත් වළක්වන්න බැහැ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න කියලා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුව ඔවුන් සමඟ සාකච්ඡා නොකරන්නේ ඇයි ?
කතා කරන්න නම් එදිරිවාදිකම් නවත්වන්න එපැයි. 6%ක කතාවක් ඉස්සරහට දාගත්තට ආචාර්යවරුන් කෑගහන්නේ ඔවුන්ගේ පඩිය වැඩි කරන්න කියලනේ. ඕක කෙලින් කියන්න නිකම් ලැජ්ජයි ලැජ්ජයි වගේ නිසානේ 6%ක කතාවක් ඉස්සරහට දාගෙන එන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැමෝම වර්ජන ක්‍රියාමාර්ගයේ නැහැ. 


ටික දෙනෙක් සියයක් විතර බංකොලොත් වෙච්ච පක්ෂ ඉස්සරහට දාගෙන අසරණ ළමයින්ට උගන්වන්නේ නැතිව පාරේ ඉබාගාතේ පා ගමන් යනවා. මේ ඇදුරො කරන වැඩ දැක්කම මටත් දැන් ආචාර්ය පට්ටම පාවිච්චි කරන්න ලැජ්ජයි. මාස තුනක් ගියා. අපි මාස නවයක් යන තෙක් බලාගෙන ඉන්නවා ලැබෙන ළමයා කොයි වගේද කියලා බලන්න. ඊට පස්සෙ බලමු ළමයා අංගවිකල ද නැත්නම් ගබ්සා වෙයිද කියලා.





Source: http://www.gossip9.com/2012/10/blog-post_5.html#ixzz28RIHSis6

Share this article with your friends