Chitika Smowtion 468x60


Sunday, October 7, 2012

පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා 
සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.



මීට පෙර ලංකාවට භූ කම්පන වල අත්දැකීම් නොතිබූ අතර පසුගිය මාසයේ සතිපතා භූ කම්පන වාර්තාවීම් අසන්නට ලැබුණා. ඊයේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ සියඹලාණ්‌ඩුව ප්‍රදේශයේ සිදුවූ භූ චලනයක්‌ හේතුවෙන් පාසල් ගොඩනැඟිලි 6 කට සහ නිවාස 6 කට හානි සිදු වී තිබෙනවා.

පාසලේ සිට මීටර් 300 ක්‌ පමණ දුරින් පිහිටි නළ ළිඳකින් වතුර ගනිමින් සිටි බණ්‌ඩාර නමැති අයකු පැවසුවේ "කෆීර් යානාවක්‌ යනවා වගේ ශබ්දයක්‌ ඇහුණා. ඒත් එක්‌කම නළේ වතුර වැඩි වුණා. ඒ අසල ගසක වසා සිටි මීමැසි පොදියක්‌ එක්‌වරම අහස දෙසට ඉගිලෙනවා දැක්‌කා." යනුවෙනි.

2011 වසරේ ජනවාරි මාසයේ මහනුවර කටුකැලේ ප්‍රදේශයේ භූ කම්පනයක් ඇතිවූ අතර 2011 අප්‍රේල් මාසයේ අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනයක් නිසා අලුත් අම්බලම ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ වහලයක්ද කඩා වැටුනා.

2011 වසරේ වාර්තා වූ භූ කම්පන පිළිබඳව සම්පූර්ණ වාර්තා අප සතුව නැතත් පසුගිය මැයි 26 වැනිදා සිය ගතවූ මාස 3-4 ක කාලය තුල ලංකාවෙන් වාර්තා වූ භූ කම්පන ගනන 6කි.


2012-05-20 දින අලුයම 1.45 ට පමණ මහියංගනය ප්‍රදේශයේ මාපාකඩ වැව, 20 කණුව, දම්බරාව බතලයාය හා මිනිපේ ප්‍රදේශයේ අඹගහපැලැස්‌ස, හසලක, වරාගොල්ල ප්‍රදේශ සහ කන්දකැටිය, නුවරඑළිය, වලපනේ ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවිය.

2012 මැයි 26 වැනි දින රාත්‍රි 9.50 ට පදියතලාව, කොළඹ, රත්නපුර, යාපනය, අම්පාර, බදුල්ල, මහියංගනය සිදුවිය. මෙම සිදුවූ භූකම්පනය ලංකාවේ විශාල භූමි ප්‍රමාණයකට සහ ප්‍රදේශ ගණනකට දැනුන බව පැවසේ.
2012 අගෝස්‌තු 28 දින සවස 3.43 ට මාදුරුඔය සහ පදියතලාව යන ප්‍රදේශ වල භූ කම්පනයක් ඇතිවූ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්. ජී. විජයානන්ද මහතා ද එය සනාථ කර තිබේ.

2012 සැප්තැම්බර් 15 වන දින උදෑසන 5.15 ට පදියතලාව සහ අවට ගම්මාන හා මහියංගන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුකුලාපොළ යන ගම්මානවලට සුළු භූකම්පනයක්‌ අවසන් වරට සිදුවී ඇත.

පදියතලාව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ පසුගිය මාස කිහිපය තුළදී අවස්‌ථා 06 ක්‌ වත් සුළු භූකම්පන සිදුවූ බවයි. මේ කිසිම අවස්‌ථාවකදී වත් පුද්ගල හානි සිදුවී නොමැති අතර නිවාසවල බිත්ති ඉරිතැලීම් සහ උළුකැට බිමට වැටීම් සිදුවී ඇත.

පේරාදෙණි සරසවියේ මහාචාර්යවරයා සොයාගත් ඕනෑම රටක භූමිකම්පා කල්තියා කිව හැකි ක්‍රමයට මොකද වුනේ?
තාරකා විද්‍යා මූලධර්මයන්ට අනුව ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කර ලොව ඕනෑම රටක සිදුවිය හැකි භූ කම්පනයක් කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය මගින් සොයාගෙන තිබෙන පුවතක් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ගෙන ආවා

ගතවූ වසර සියයක කාලයේ ලොව පුරා සිදුවූ රිච්ටර් මාපක අගය හය ඉක්මවූ ප්‍රධාන භූකම්පන සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම නව ක්‍රමය සොයාගෙන තිබුනේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාමයක් විසිනි.

භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බව පර්යේෂණ මගින් තහවුරු වූ බව එම මහාචාර්යවරයා පැවසූ අතර 2011 පෙබරවාරි මස 22 දින නවසීලන්තයේ භූ කම්පනය පිළිබඳ ලබා ගත් දත්ත තහවුරු වීමෙන් පසු 2011 මාර්තු මස 04 චිලී රටේත්, මාර්තු මස 10 හා 19 දිනවල ජපානයේත් භූ කම්පන ඇතිවන බව ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට තමන් කල්තියා දැනුම් දුන් බව ද ඒ මහතා පවසා තිබුණා.

ග්‍රහලෝක පිහිටීමේ සිතියමක් අධ්‍යයනය කැර තාරකා හා භෞතික විද්‍යා මූලධර්මයන්ට අනුව ලොව ඕනෑම රටක ඉදිරියේදී ඇතිවිය හැකි භූ කම්පන පිළිබඳ නිවැරදි තොරතුරු නව ක්‍රමය යටතේ ලබාදිය හැකි එම ක්‍රමය පිළිබඳව ගොසිප්9 වෙබ් අඩවිය තුලින්ද 2011 මාර්තු මාසයේ අප ඔබ වෙත ගෙන ආවා.

කෙසේ වුවද වෙනත් ආචාර්යවරුන්ගේ ප්‍රතිවිරුද්ධ මහතත් සමඟ එම සොයාගැනිම කළ කණ්ඩායම නිහඬ වූ අතර වුනේ කුමක්දැයි වාර්තාවෙන්නේ නැත

මේ අතර පසුගිය මාස කිහිපය තුළ වූ භූ කම්පන පිළිබඳව වීඩියෝ පහතින්. 











Source: http://www.gossip9.com/2012/10/4-7.html#ixzz28RLXYAqP

Share this article with your friends