Chitika Smowtion 468x60


Tuesday, October 9, 2012

20-20 ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරුන් මුදලට තරග විකුණලා ‘ද හින්දු’ පවසයි



පෙරේදා (07) අවසන් වූ පන්දු 20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් ඇතුඵවිදේශීය විනිසුරුවරුන් හය දෙනෙකු මුදලට තරග පාවා දී තිබෙන බව අනාවරණය වෙතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසයි. මෙම පිරිසට ශ‍්‍රී ලංකීය විනිසුරුවරුන් තිදෙනෙක් ඇතුළත් බව එම පුවත්පත පෙන්වා දෙයි. පාකිස්ථානයේ නදීම් ගෞරිස්,ඇනී සිද්ධික් යන විනිසුරුවරුන් මෙලෙස තරග පාවා දී තිබෙන බව ‘ ද හින්දු‘ පුවත්පත පවසයි. එමෙන්ම බංගලාදේශයේ නදීර්ශා ද මුදලට තරග පාවා දුන් බවට චෝදනා එල්ල වී ඇත. ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් වන ගාමිණී දිසානායක, මෞරිස් වින්සන් සහ සාගර ගාල්ලගේ යන විනිසුරුවරුන්ට ද එම චෝදනාව එල්ල වී ඇත. විනිසුරු සාගර ගාල්ලගේ මහතා තණතිල්ලේ ස්වභාවය අනුව එහි වාසියත්, කණ්ඩායම් සැකසීම පිළිඹඳවත් විස්තර මුදලට ලබා දී බව ‘ද හින්දු‘ පුවත්පත පවසයි.



Share this article with your friends