සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි පදවියෙන් ඉල්ලා අස් වූ මාලනී ෆොන්සේකා මහත්මිය අද (09) යළි කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දෙමින් මන්ත‍්‍රි පදවිය භාර ගැනීමට නියමිතය. පසුගියදා අවසන් වූ උතුරුමැද පළාත් සභා මැතිවරණයේ දී එහි හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක සහ හිටපු ඇමැතිවරයකු වන එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරුන් අතරේ හටගත් ආරවුල විසඳිමට අත දීමක් වශයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය රජය වෙත යවා තිබිණ. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාලනීගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගත්තෙ නැත. කෙසේ වෙතත් මාලනී ෆොන්සේකා මහත්මිය සිය මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යවා තිබෙන බැවින් යළි මන්ත‍්‍රී පදවියේ දිව්රුම් දීමට අවශ්‍ය බැවින් අද දහවල් පාර්ලිමේන්තුවේ දී කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ ඇය යළි දිවුරුම් දීමට නියමිතව ඇත.