කලහකාරී තත්වයක් උද්ගත වීමත් සමඟ පුරා සතියක් වසා දමා තිබූ ගාල්ල විද්‍යාලෝක විදුහලේ අද (08) උදෑසන අධ්‍යාපන කටයුතු යළි ඇරඹුණද නව විදුහල්පති වරයා විදුහලට පැමිණ සිටියේ නැත . පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙනේ දැයි තීරණය කර ෆැක්ස් මඟින් වාර්තා දෙකක් එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ බලන විදුහල්පතිවරයාට නියම කර තිබේ. දහවල් 12.00 ට හා පස්වරු 2.00 ට මෙම වාර්තා දෙක එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. විද්‍යාලෝක විදුහලේ කලහකාරී තත්වයක් ඉකුත් 01 වැනිදා උද්ගත වූයේ රාජ්‍යසේවා කොමිසමේ නියමය පරිදි වැඩ භාර ගැනීමට පැමිණි නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතාට සංවිධානාත්මක පිරිසක් ඉඩ නොදීම හේතුවෙනි. කෙසේ නමුදු අද (08) උදෑසන විද්‍යාලෝක විදුහලේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි ඇරබුණ ද යම් කලහකාරී ප්‍රශ්ණයක් අද ද උද්ගත වුවහොත් ඊට මුහණ දීමට පොලිසිය සීරුවෙන් තබා තිබේ.
- මිහිරි ෆොන්සේකා
- මිහිරි ෆොන්සේකා