Chitika Smowtion 468x60


Sunday, October 21, 2012

දවස් දහයේ බ්‍රවේ කර්නල්


මෑතකදී දේශපාලන අල්ලස් ලෙස දවස් දහයේ පුහුණුවකින් පසු බ්‍රවේ කර්නල් තනතුරු ලබා දුන් විදුහල්පතිවරුන් බිහිවීම පසුපස අනාගත ලංකාවේ දිශානතිය ගැන යම් අවබෝධයක් ලබා ගත හැක.

මීට පෙරදී කර්නල් ධූර දැරූ විදුහල්පතිවරුන් වන කර්නල් ජී ඩබ් රාජපක්ෂ , කර්නල් කුඩලිගම වැනි මහත්වරු එම තනතුරු වලට පත් වුයේ නිසි පරිදි හමුදා පුහුණුව සහ හමුදා මෙන්ම විදුහල්පති සේවයේ දෙමිනි. ඔවුන් තුල තිබු දැවැන්ත පෞරුෂත්වයන් බිහි වුයේ රාජකාරි කාලය සහ අත්දැකීම් මතිනි.


නමුත් දවස් දහයකින් බිහි කරගත් මැටි පාගන කකුල් වලින් දෙපා එකට තබා සැලුට් ගසන මේ කර්නලා ගමේ ගොඩේ කොරනෙල් රාළහාමිලා වැනිය. අලුතින් බ්‍රවේ කර්නල් පත්වීම් ලැබූ සමහරු ඉස්කෝල වලට ළමයින් දැමීමේදී ගාන කපන පගා මරුවන්ය , නැතොත් ළමයා පාසලට ගැනීමට බබාලාගේ අම්මා හෝටල් කාමර වලට ගෙන ගිය චරිතය.

තම රාජකාරි ඉතිහාසය තුල දේශපාලකයන්ට ගොට්ට ඇල්ලීම නිසා සමහරුන්ට පෞරුෂත්වයක් ඇත්තේම නැත. මෙවැනි ක්‍රමයක් තුල අනාගතයේදී දැවැන්ත පෞරුෂත්වයන් තිබු කර්නල් ජී ඩබ් රාජපක්ෂ , කර්නල් කුඩලිගම වැනි අධ්‍යාපන පරිපාලකයන් වෙනුවට බිහි වන්නේ අට පාස් දේශපාලකයාට සර් කියමින් ඔලුව පාත් කරන විදුහල්පති පඹයන් පිරිසකි.

මේ බ්‍රවේ කර්නල් වියාපෘතිය පසුපස සිටි ජෙනරාල් ගාමිණී ජයසුන්දර ද හමුදාවේ සිටියදී යාපනයේ සිවිල් වැසියන්ගේ චංචල දේපොළ හොරකම් යෙදුනු අපකීර්තිමත් නිලධාරියෙකි. ඔහුව රැෂන් ජයසුන්දර සහ සුද්දෝදන යන නම් වලින් හමුදාවේ සිටියදී හඳුන්වනු ලැබිය.

මේ නිලධාරියාද අක්‍රමිකතා වලින් බේරීමට ආරක්ෂක අමාත්‍යංශයේ කනිෂ්ඨ නිලධාරීන්ට පවා හිස නමන පෞරුෂත්වයක් සහ කොන්දක් නැති එහෙයියෙකි. මෙවැනි චරිත දැන් ලංකාවට වඩ වඩාත් අවශ්‍ය කරන අතර අනාගතයේ එවැනි චරිත පාසල් මට්ටමින්ම බිහි කර ගැනීම සඳහා දවස් දහයේ බ්‍රවේ කර්නල් වියාපෘතිය හඳුන්වා දෙනු ලැබිය.

අවාසනාවකට මෙන් මෙවැනි විකට තනතුරක් ප්‍රත්කිෂේප කිරීමට කොන්දක් සහ පෞරුෂයක් ඇති අධ්‍යාපන පරිපාලන සේවයේ පළවන පන්තියේ විදුහල්පතිවරයෙක් තවමත් පහල වී නැත.

-අමිල ගුණරත්න-











Source: http://www.gossip9.com/2012/10/blog-post_5399.html#ixzz29pZjp1kx

Share this article with your friends