Chitika Smowtion 468x60


Sunday, October 21, 2012

සුදර්මන් දැන් නළුවෙක්. නමුත් තවමත් පොලීසියට ඔහු හමුවී නැත

සුදර්මන් රදලියගොඩ සබන්ධයෙන් අප වෙබ් අඩවිය විසින් ලිපි ගනනාවක් පල කර ඇත.

මුදල් වංචා එකක් දෙකක් නොව බොහෝ ගණනක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබුනද ශ්‍රී ලංකා පොලීසිය ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ දේශපාලන බලය හමුවේ පොලීසිය නිවටයන් වන නිසාය.

අධිකරණයෙන් ඔහුට විරුද්ධව වරෙන්තුවක් තිබියදී අත් අඩංගුවට නොගන්නේ මන්දැයි විනිසුරුවන් දෙතුන් වතාවක් පොලීසියෙන් විමසා තිබෙද්දීත් ඔහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලංවී සිටින්නේ අධිකරණයද හෑල්ලු කරමිනි.

සුදර්මන් දැන් නලුවෙකි. පසුගිය කාලයේ සිරි දළදාගමන චිත්‍රපටයේ මහ සෙනෙවියාගේ චරිතයද ඔහු රඟපා ඇත. ඉදිරියේදී ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයට පනපෙවීමට සුදර්මන් සැදී පැහැදී සිටී.

සුදර්මන්ගේ බිරිඳ නිල්මිණී ඇල්ලේපොළ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනියකි. ඇය කිසිදිනක නිල්මිණී රදලියගොඩ යන නම් භාවිතා කර නැත. අනූතුනේ සුදර්මන් සමඟ විවාහ වූ ඇය මේ වනවිට රෙදිපිළි වෙළඳසැලක් පවත්වාගන යයි. ඔවුන්ගේ පුතා සචින් රදලියගොඩයි. වයස 18ක් වන ඔහු නළුවෙකි. වයස 16දී ඔහු රංගනය පටන් ගන ඇත.

පසුගියදා පුවත්පතක් විසින් ඔහු සමඟ සම්මුඛ සාකච්ජාවක්ද පවත්වා තිබුණා. සුදර්මන් එහි කියනා පරිදි ඔහු දිනකර පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරු ලෙස රස්සාව පටන් ගත් කාලයේ ආර්ථික වශයෙන් පහල මට්ටමක සිට ඇත. නමුත් අද ඔහු ගෙවන්නේ සුඛෝපභෝගී ජිවියකි.
ඔහු මෙම සුර සැප විඳින්නේ අහිංසක මිනිසුන්ගෙන් වංචා කළ ලක්ෂ ගනන් වූ මුදල් වලිනි.

රැකියා දෙන බව පවසමින් එක් අයෙකුගෙන් වංචා කළ මුදල් ප්‍රමාණය ලක්ෂ 7කට අධිකය. මේ සියල්ල බැලුම්ගල වැඩසටහනින් හෙළි කර ඇත. ඒ මුදල් ලබාදුන් අයගේ හඬපටද සමඟය. එසේ මුදල් වංචා කර ඇති ගණන 38 දෙනෙකි.

ඔවුන් එම මුදල් ආපසු ඉල්ලූ පසු ඔවුන් රස්තියාදු කල බව වංචාවට හසුවූවන් පවසයි. අයි,ටී.එන් ආයතනයේම වැඩ කල එක් මාධ්‍යවේදියෙක් එහිදී පැවසුවේ ඔහුගේ නැගනිය අයි.ටී.එන් ආයතනයට සමබන්ධ වී සිටියදී සුදර්මන් සමඟ රැයක් ගතකිරීමට කැමති නම් අයි.ටී.එන් ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට අවස්ථාවක් දෙන බව සුදර්මන් පවසා ඇති බවත්ය.

කෙතරම් මුදලක් වංචා කලද ඔහුට විරුද්ධව ලෝක විනාශයට පෙර නීතිය ක්‍රියාත්මක වේදැයි සැක සහිතය. එයට හේතුව ඔහු සිටින්නේ ලංකාවේ නිසාය. ලංකාවේ පොලීසිය ඔහුට බයය. ඒ විවිධ දේශපාලන සබඳතා සුදර්මන් සතුව තිබෙනා බැවිනි.

පහත පලවන්නේ එම පුවත්පතේ පලවූ සාකච්ජාවෙන් උපුටාගන්නා ලද කොටසකි.

මේ වනවිට රූපවාහිනී නාලිකාවක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් විදිහට කටයුතු කරන සුදර්මන් චිත්‍රපට රංගනයටද පැමිනෙනවා කියලා ආරංචියි. ඇත්තද කතාව?

අහම්බෙන් වගේ පුතාගේ රූගතකිරීමකට ගිය අවස්ථාවකදී මටත් චරිතයක් කරන්න ලැබුණා. මුලින් සුළුවෙන් හිතුවත් එම චරිතය සිරි දළදා ගමන චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක්. චිත්‍රපටයේ විදිහට මහ සෙනෙවියාගේ චරිතය ලැබුනේ

ලැබුණ අවස්ථාවෙන් හැකි උපරිමයෙන් මගේ දායකත්වය ලබා දුන්නා. නළුවෙක් වෙන්න කවදාවත් හිතලා තිබුනේ නැති වුනත් මේ චරිතයත් එක්ක ජීවිතයට අලුත් අත්දැකීමක් ලැබුණා.

ඒ කියන්නේ සුදර්මන් ඉදිරියේදී රංගන ශිල්පියෙක්ද?

ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයකට ඉදිරියේදී එන්න ඉඩ තියනවා. දිගටම රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරනවාද කියලා නම් තාම හිතලා නැහැ.






ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවට අමතරව ඔහු විසින් කළ මුදල් වංචා පිළිබඳව හෙළි කල බැලුම්ගල වැඩසටහන පහතින්



කොරියා යැවීමට සුදර්මන් මුදල් ගත් අවස්ථාවක වීඩියෝවක් පහතින්.



-








Source: http://www.gossip9.com/2012/10/blog-post_4602.html#ixzz29pe12c4g

Share this article with your friends