Chitika Smowtion 468x60


Sunday, October 21, 2012

වාහන වල බදු ඉදිරි අයවැයේදී අඩු වන්නේ නැහැ


පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර අප විසින් හෙළි කරනු ලැබුවා.

අලුත් වාහන වලට ඇති ඉල්ලුම පහල බැස ඇති හෙයින් ලංකාවට ආනයනය කල වාහන 5,000ක් පමණ නැවත හරවා යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව මෙයට පෙර ලිපියක සවිස්තර වාර්තාවක් අප විසින් පල කල අතර ඒ අනුව බොහෝ දෙනා සිතුවේ ඉදිරි අයවැයේදී මෙම ගැටලුවට පිලියමක් ලෙස රජය විසින් ආනයන බදු නැවතත් අඩු කරනු ඇති බවය.

ඒ අනුව බොහෝ දෙනා මේ දිනවල වාහන ගැනීමේ අදහස කල් දමා ඇත්තේ අයවැයෙන් යම්කිසි වෙනසක් වන ඇති බව සිතමිනි.

නමුත් වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා කියා සිටින්නේ ඉදිරි අයවැයේදී වාහන බදු අඩු නොවන බවට 
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පි.බි ජයසුන්දර මහතා විසින් තමන්ට සහතිකයක් ලබා දී ඇති බවකි.

2011 වසරේදී වාහන බදු අඩු වීමත් සමග මෙරටට ගෙන්වූ වාහන ප්‍රමාණය විශාල ලෙස වැඩිවූ අතර එය වෙළඳ හිගය පුළුල් වීමටද බලාපා ඇති බව යන මතයේ සිටමින් රජය විසින් නැවතත් බදු විශාල වශයෙන් වැඩි කරනු ලැබුවා.

ඒ අනුව පසුගියදා අයවැය සකස් කිරීමට ප්‍රථම වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමග සිදුකරන ලද සාකච්චාවකදී පි.බි ජයසුන්දර මහතා ප්‍රකාශකොට ඇත්තේ වාහන බදු මෙම වසරේත් අඩු නොකරන බවයි.








Source: http://www.gossip9.com/2012/10/blog-post_17.html#ixzz29pbG3cmk

Share this article with your friends