Chitika Smowtion 468x60


Sunday, November 18, 2012

ජනපතිට අපහාස කල නිසා සුනිල් පෙරේරා ගුටි කන්න යයි

පසුගියදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ජනාධිපති තුමාට අපහාස වන ආකාරයේ ගීතයක් ගැයීම හේතුවෙන් ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ඔහු මෙම ගැටුම ඇතිකරගන තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරයෙකු වන වී. කේ ඉන්දික මහතා සමඟය.


පසුගිය 10 වනදා පැවැත්වූ මෙම උත්සවයට සහභාගී වූ සුන්ල් පෙරේරා විසින් "එහෙම වෙන්නේ ඇයි" ගීතය "රාජපක්ෂ වරුන්ගේ" වැඩ වගේ යන අර්ථයෙන් ගායනා කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.


මෙම ගැටුම ගැන අදහස් දක්වන වී.කේ ඉන්දික පවසන්නේ රාජපක්ෂවරුන් ඉදිරියේ එවැනි ගීත ගායනා කල හැකි වුවත් රාජපක්ෂවරුන්ට අපහාස වන පරිදි තමා ඉදිරිපිට එවැනි ගීත කිව නොහැකි බවයි. 

පසුව සුනිල් පෙරේරා විසින් සමාව ගත් නිසා ගැටුම අත්හැර දැමු බවද ඔහු කියා සිටිනවා. එමෙන්ම තම පක්ෂයේ නායකයා රැක ගැනීමට තමා ඕනෑම අවස්තාවක ඉදිරිපත් වන බවද ඔහු මාධ්‍යයට අදහස් දක්වා තිබුණි. 

මේ පිළිබඳව අදහස් දක්වන සුනිල් පෙරේරා පවසන්නේ තමා එම ගීතය ඕනෑම කෙනෙකු ඉදිරියේ ගායනා කිරීමට සුදානම් බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යය සංගමයේ ප්‍රධානියෙකු පවසන්නේ මෙම ගැටුමට හේතුව සුනිල් පෙරේරා විසින් ගීත ගැයීමට ප්‍රථම සභාවේ සිටි නියෝජ්‍ය කතා නායකවරයාගේ පමණක් අවසර ගැනීමත් වී.කේ ඉන්දික මහතාගෙන් අවසර නොගැනීමත් යන හේතුව නිසා බවය.

කෙසේ නමුත් මෙම ගැටුම හේතුවෙන් උත්සවය අතරමග නවත්වා දැමීමට සිදුව ඇත.







Source: http://www.gossip9.com/2012/11/blog-post_17.html#ixzz2CaersGJn

Share this article with your friends