Chitika Smowtion 468x60


Sunday, November 18, 2012

ලංකාවට එරෙහි පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණය

වෛද්‍ය පර්යේෂණ ආයතනය යනු වෛද්‍ය පර්යේෂණ වෙනුවට මාධ්‍ය සංදර්ශන පවත්වා ලාමක ආතල් දෙන ආයතනයකි.

පසුගිය කාලයේ සෙලියුලර් දුරකථන මයිටාවන් ලෝකයේ ප්‍රථම වරට සොයාගත් බව කියමින් රට වටේ ගියේද මේ ආයතනයයි.

පසුගියදා සෙවනගල සහ මනම්පිටිය ප්‍රදේශවලට ඇදහැළුණු රතු වැස්‌ස පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ද නැත්නම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්‌සක්‌ දැයි සොයා බැලීමට පරීක්‍ෂණ ආරම්භ කළ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි. 



එය පිටසක්‌වල ජීවී ප්‍රහාරයක්‌ නම් අධිරාජවාදී කුමන්ත්‍රණ පිළිබඳව පැරනොයිඩ් ගතියක් දක්වන හෙළ උරුමයේ හා ජවිපෙ නායකයන්ට මෙන්ම කුමන්ත්‍රණ කී පමණින් වෙව්ලා යන මෝඩ අනුගාමිකයන්ට දැන් ලංකාවට එරෙහි පිටසක්‌වල ජීවී කුමන්ත්‍රණ ගැනද කතා කිරීමට මාතෘකාවක් වෛද්‍ය අනිල් සමරනායක මහතා විසින් සපයා දී තිබේ.

මේ රතු වැස්‌ස ගැන සහ සුද්දෙන් සෙවීමට ජල සාම්පලයක් ඇමරිකාවේ නාසා ආයතයට යා යුතු බව කියමින් ඇමරිකාවට පිනා චාරිකාවක් ලබා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂකට දැන් අවස්ථාවක් තිබේ.

නමුත් පරහකට ඇත්තේ මෙවැනි අවස්ථා එන විට සිරිසේනගේ අමාත්‍යංශයේ අයියලා ඒවා අතරමගදී ඩැහැ ගැනීමයි.

-අමිල ගුණරත්න-









Source: http://www.gossip9.com/2012/11/blog-post_16.html#ixzz2CaFohs8E

Share this article with your friends