Chitika Smowtion 468x60


Sunday, May 13, 2012

තහනම් නියෝග ගැනීම ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක් ?


උතුරු මැද පළාත් සභාව විසිරුවීමට තහනම් නියෝග ගැනීම ආණ්ඩුවේ සහ සජිත්ගේ කුමන්ත්‍රණයක්: සියළු තොරතුරු හෙලිවේ


උතුරුමැද පළාත් සභාව විසිරුවීමට එරෙහිව තහනම් නියෝගයක් ලබා ගත්තේ ආණ්ඩුවේම වුවමනාවට බව 
අප වෙත වාර්තා වේ.

තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණයට ගිය එජාප පළාත් සභා මන්ත්‍රී අනිල් රත්නායක මන්ත්‍රීවරයා මේ සඳහා පක්ෂයේ අවසරයක් ලබාගෙන නැති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව මෙම ක්‍රියාව සිදු කර ඇති බවත් මේ වන විට හෙළි වී තිබේ. ඔහුගේ මෙම ක්‍රියාවට උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ කිිසිදු මන්ත්‍රීවරයෙකු සහාය දී හෝ සහභාගී වී හෝ නැත.

මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීම මත සිදුකර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා සපයා ඇත්තේ ද මහ ඇමැතිවරයා විසිනි. පෙත්සම්කාර අනිල් රත්නායකට මෙම මුදල් සපයා ඇත්තේ මහ ඇමැති කාර්යාලයේ සේවය කරන දොඹවෙල නම් නිලධාරියා හරහා බව 
අප වෙත තොරතුරු ලැබී ඇත.

ලංකාවේ සාඩින් කම්හලට මාළුත් චීනෙන්


මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් පසුගියදා විවෘත කළ ගාල්ලේ ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මසුන් තොග චීනයෙන් ගෙන ඒමට රජය තීරණය කර ඇත. රුපියල් කෝටි ගණනක මහජන මුදල් යොදවා කරනු ලබන මෙම ටින් මාළු කර්මාන්ත ශාලාව සඳහා අවශ්‍ය මාළු චීනයෙන් ගෙන්වීමට ගිවිසුම්ද අත්සන් කර තිබේ.
ගාලූ ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන ටින් මාළු ඇසුරුම සඳහා යොදා ගනු ලබන්නේ ‘ලින්නා’ මත්සයින්ය. අදාළ කර්මාන්ත ශාලාවේ වසරකට නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා ලින්නා මාළු මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 150,000ක ප‍්‍රමාණයක් චීනයෙන් ආනයනය කිරීමට නියමිතය.

නිදන් වදුලූ හෙළි කරන පුරාවිද්‍යා ලොක්කෙක්


ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන ආශි‍්‍රතව පවතින නිදන් වස්තු මංකොල්ලය පිටුපස පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිටින බවට රහස් පොලිසිය වෙත වාර්තා වී තිබේ.
දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා සතුව පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් වන සිතියම් හා භූ දර්ශන රාශියක් තිබෙන බවත්, ඔහු ඒවා දේශපාලනඥයින් කිහිපදෙනෙකුට හා පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකුට අති විශාල මුදලකට ලබාදී ඇති බවත් රහස් පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

රහස් පොලිසියට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්


පසුගිය පෙබරවාරි 11 වනදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වී තිබේ. නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ පැවරුණු නඩුවකට අදාළ නියෝගයකට අනුව අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිත වූ එම තරුණයන් දෙදෙනෙක් මේ අන්දමින් අතුරුදහන් වී ඇත.
පෙබරවාරි 11 වනදා උදෑසන 10.30 හා 10.31 වශයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු සටහන් පොතේ අත්සන් තබා ඔවුන් ඊට ඇතුල් වී ඇත. එම ගොඩනැගිල්ලේ ආරක්‍ෂිත කැමරාවලද ඔවුන් දෙදෙනා ඊට ඇතුළත් වූ බවට පටිගත වී ඇත. ඉන් අනතුරුව ඔවුන් සිදු වූයේ කුමක්දැයි මේ දක්වා නිශ්චිත වශයෙන් වාර්තා නොවේ.

තංගල්ලේ එස්.ටී.එෆ්. සෙබළු විෂමාචාරයේ


හම්බන්තොට, තංගල්ල, මැදගම ප‍්‍රදේශයේ පිහිටා ඇති පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව සේවය කරන ඇතැම් සෙබළුන් ප‍්‍රසිද්ධියේම මංකොල්ලකෑම් ඇතුළු විෂමචාර කටයුතු සිදු කරන බවට තොරතුරු වාර්තා වේ.
ජනාධිපතිවරයා ඇතුළු පවුලේ ඥාතීන්ට අමතර ආරක්‍ෂාව සැපයීම අරමුණින් මෙම කඳවුර තංගල්ල ප‍්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ අතර, එයට අනුයුක්තව සේවය කරන ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් විෂමාචාර චෝදනා ගණනාවක් ප‍්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කර ඇත.

අතුල - අමායා කැදැල්ලට පුංචි අමුත්තෙකුත් ලඟදීම


අතුල අයියයි මමයි විවාහ උනේ 2010 මුලදියි - අමායා
අතුල අධිකාරිගේ හා නිරුපන ස්ජිල්පිනියක වන අමයාගේ රහස් පෙම පිලිබඳ මෙයට පෙර ලිපි කිහිපයකින් ගොසිප්9 විසින් හෙළිකරනු ලැබුවා.

මෙම සති අන්ත පුවත්පතකට අදහස් දැක්වූ අමායා ප්‍රකාශකොට ඇත්තේ එය රහස් සම්බන්ධයක් නොව ඇයගේ ආදරය අතුල සමගින් විවාහයකින් අවසන් වූ බවය.

ඒ පිළිබඳව අමායා පවසන්නේ මෙවැනි දෙයක්. 


අමායා ආදරය ගැන මොකද හිතන්නේ ?
ඇත්තටම ආදරය හරි පිවිතුරු දෙයක්. මගේ ආදරය දැන් විවාහයකින් කෙලවර වී හමාරයි. 

ඒ කිව්වේ ඔයා විවාහකද?

Saturday, May 12, 2012

දුමින්ද සිල්වාගේ කාමර ගාස්තුව පමණක් මිලියන 18-39ත් අතර


කොලොන්නාව වෙඩි තැබීමෙන් හා වෙඩි වැදීමෙන් අසාධ්‍යව සිංගප්පූරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මංත්‍රී දුමින්ද සිල්වාගේ රෝහල් කාමර ගාස්තුව පමණක් රු. මිලියන 18ට වැඩි බව වාර්තා වෙනවා. 

දුමින්ද සිල්වා එම රෝහලට ඇතුලත් කර දින 190ක් ගතවී ඇති අතර එම රෝහලේ අවම කාමර මිල ගනන් හා සැසඳීමේදී රු. මිලියන 18ක මුදලක් හා උපරිම මිල ගනන් සහිත කාමර සැලකීමේදී මිලියන 39ක මුදලක් වියදම් කර තිබෙනවා.

රාජපක්ෂ නිදන් හොරුන්ගේ මහවිලච්චිය මෙහෙයුමේ සත්‍ය කතාව


ප්‍රශ්න ගැන පොලිස්පතිගේ මුඛ පූට්ටු:
බයගෝතා රණවිරුවන් නිධන් හොරුන් කල හැටි.


පසුගිය මැයි 01 දා රාත්‍රී එස්.ටී.එෆ්. භටයන් නිධන් හෑරීමට ගොස් අතටම හසුවීමෙන් පසුව ඊට සතියකට පසු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සුරංගනා කතාවක් කීවේය. එසේ කියමින් තමා එස්ටීඑෆ් භටයන් යැවූ බවට වගකීම බාර ගත්තේ ය. ඔහුගේ එම නිවේදනය අනුව පැන නගින ප්‍රශ්න කිහිපයක් 
අප ඉදිරිපත් කළ අතර තවත් මාධ්‍යයද එම ප්‍රශ්නම නඟා තිබිණ. දින දෙකක් පසු වුවද අද (10) දක්වා පොලිස්පතිවරයා එම ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ ය. 

කෙසේ වෙතත් සිදුවූ සත්‍ය සිදුවීම ගැන 
අප වෙත මේ වන විට සම්පූර්ණ තොරතුරු ලැබී තිබේ. පොලිස්පති සත්‍යය නොකියන බැවින් අප මෙසේ හෙලිකරමු.

එස්ටීඑෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය බලකායට අණ දීමට පොලිස්පතිවරයාට කිසිදු බලයක් නැත. ඔහු වගකීම බාරගත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ බල කිරීමට ය. එදින මැයි 01 දා මහවිලච්චිය නිදන් හෑරීමට අණ දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය නම් රාජපක්ෂ නිදන් හොරු කණ්ඩායමේ බාලයා විසිනි.

Share this article with your friends