Chitika Smowtion 468x60


Friday, September 13, 2013

නෑනා කැමති නෑ මට ...



ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - විලසට හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

Friday, February 8, 2013

ඇමතිවරු අඩු කරන්න නම් උපත් පාලනය කරන්න වෙයි ?


කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

මුස්ලිම් විරෝධය අඬු කඩලා හරි නවත්තනවා - SB දිසානායක


උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

Thursday, February 7, 2013

‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා


හලාල් සලකුණ සහිත භාණ්‌ඩයක්‌ රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල ප්‍රදේශය පුරා බෙදා හැර ඇත.

අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්‌ඩ වර්ග 4500 ක්‌ ඇති බවත් ජනතාව මුළාකර එක්‌තරා අන්තවාදී ආගමික සංවිධානයක්‌ ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්‍රිකාවේ සඳහන් වෙයි.

Wednesday, February 6, 2013

හිරු මාධ්‍ය ජාලය සම්මාන කොල්ලකයි ? Hiru FM/Hiru TV awards scandal


යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.

ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.

ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.


යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:

Tuesday, February 5, 2013

සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී - The girl raped by SLFP Saruwa Sunil suicides

සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ

එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ. 

දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.


Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


Sunday, February 3, 2013

යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?


පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.

1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්. 


එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි

Share this article with your friends