Chitika Smowtion 468x60


Wednesday, December 28, 2011

එජාපයට නියෝජ්‍ය නායක තනතුරු 03 ක් !


ලබන වසර මුලදී එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් එක්කොට, නියෝජ්‍ය නායක තනතුරු 03 ක් ස්ථාපිත කිරීමට නියමිත බව සිරිකොත එජාප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මේ අනුව, පසුගිය 19 වනදා පැවැති නිලවරණයේදී නියෝජ්‍ය නායකයා ලෙස තේරී පත් වූ සජිත් පේ‍්‍රමදාස මහතාට අමතරව, තවත් පුද්ගලයින් දෙදෙනෙකු සඳහා මෙම තනතුරු ස්ථාපිත කිරීමට නියමිතය.


වෙනත් දේශපාලන පක්‍ෂයක ප‍්‍රධානියෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක් කර ගැනීම සඳහා එක් නියෝජ්‍ය නායක තනතුරක් ස්ථාපිත කෙරෙන අතර, බෞද්ධයෙකු නොවන අන්‍යාගමික ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු නියෝජ්‍ය නායකයකු ලෙස පත් කර ගැනීම සඳහා අනෙක් නියෝජ්‍ය නායක තනතුර ස්ථාපිත කෙරෙනු ඇත.
තවද, ඉදිරියේදී නායකයා ඇතුළු ප‍්‍රධාන නිලතල සඳහා වසරින් වසර නිලවරණ නොපවත්වා වසර 05 කට හෝ මහ මැතිවරණයකට පසුව හෝ ජනාධිපතිවරණයකට පසුව නිලවරණයක් කැඳවා අදාළ නායකයින් තෝරා පත් කර ගත හැකි වන පරිදි පක්‍ෂ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමටද නියමිත බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Source : lankanewsweb.com

Share this article with your friends