Chitika Smowtion 468x60


Wednesday, December 28, 2011

උසස්පෙළ විෂයන් වල ප්‍රතිඵල මාරු වීමට හේතුව


විභාග අංකය වෙනුවට GIT විභාග අංකය යොදලා 
සැකනම් නම් උත්තරේ පත්තරෙත් පෙන්නනවා 


පසුගියදා ඇතිවුන උසස්පෙළ ප්‍රතිඵලයේ හේතුවෙන් විභාගයට මුහුණදුන් සිසුන්ට තම උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී ඇත.මෙම අවිශ්වාසය දුරු කිරීම සඳහා ඊයේ දිනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මාධ්‍යය හමුවක් පැවැත්වුවා.


එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශකොට සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් කුසලතා මාතරටටත්,මාතර දිස්ත්‍රික් කුසලතා බස්නාහිර පලාතටත් මාරුවීම නිසා මෙම ගැටලුව හටගත් බවයි.

ප්‍රතිඵල නිවරදිකොට අන්තර්ජාලයට නිකුත් කෙරුනද සිසුන් මැසිවිලි නැගුවේ තවමත් විභාග ප්‍රතිපල වල ගැටළු තිබෙන බවයි.




ජිව විද්‍යා අංශයෙන් ලියු සිසුවෙකුට වාණිජ ප්‍රතිපලයක් ලැබීමත්, විද්‍යා විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුවෙකුට කළා ප්‍රතිපල ලැබීම වැනි ගැටළු නව ප්‍රතිපල නිකතුවත් සමග නිවැරදි වී තිබුනේ නැහැ.

මේ පිළිබඳව පැහැදිලිකිරීමක් කල මිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ සිසුන් පසුගිය වසරේ මුහුණ දුන් GIT විභාග අංකය ඇතුලත් කිරීම නිසා වැරදි ප්‍රතිඵල ලැබී ඇති බවයි.මේ සම්බන්ධව අදහස් ප්‍රකාශකළ විභාග කොමසාරිස් වරයා ප්‍රකාශකලේ "අසමසම විභාග අංකයක්" නිර්මාණය කිරීම අපහසු බවත් වෙනත් විභාග වල අංක එක සමාන වන අවස්ථා ඇති බවත් තමාගේ විභාග අංකය නිසි පරිදි ඇතුලත්කර ප්‍රතිඵල බැලීම සිසුන්ගේ වගකීමක් බවය.

අවසානයේ එස්.බී දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඕනෑම සිසුවෙකුට තමාගේ ප්‍රතිපල සැක නම් ඔහුගේ හෝ ඇයගේ උත්තර පත්‍රයද පෙන්වීමට සුදානම් බවයි.

එහි වීඩියෝව පහතින්





Source: http://www.gossip9.com/2011/12/blog-post_28.html#ixzz1hpdthIoz

Share this article with your friends