මේ දිනවල විදේශගතව සිටින විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ඊයේ (26) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට ගිය එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකුට ගලබොඩ හිමියන් ඉහත කාරණය අවධාරණය කර තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා තමන් වහන්සේගේ මැදිහත්වීමෙන් කලබලයට පත් ටිරාන් අලස් මන්තී‍්‍රවරයා, විවිධාකාරයේ මාධ්‍ය ප‍්‍රකාශ කරමින් එම වැඩසටහන අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බවටද චෝදනා කොට තිබේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු ජනාධිපති සමාවක් ඉල්ලා සිටීමට ඉදිරිපත් නොවන තත්ත්වයක් යටතේ වෙනත් උපක‍්‍රමික කි‍්‍රයාමාර්ගයන් හරහා ආගමික නායකයින්ගේ ඉල්ලීමක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කිරීමට මේ වනවිටත් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවද ගලබොඩ හිමියන් පවසා ඇත.
තමා කළ කිසිදු ඉල්ලීමක් මෙතෙක් ප‍්‍රතික්‍ෂේප කර නැති ජනාධිපතිවරයා, මෙම ඉල්ලීම කෙරෙහිද යහපත් ප‍්‍රතිචාරයක් දක්වනු ඇතැයි තමන් වහන්සේ දැඩිව විශ්වාස කරන බව පවසා ඇති උන්වහන්සේ, ඉදිරි දින කිහිපය තුළ ටිරාන් අලස් මන්තී‍්‍රවරයා අනවශ්‍ය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් ජෙනරාල් ෆොන්සේකා මහතාට ළඟදීම නිදහස හිමිවිය හැකි බව අවධාරණයෙන් යුතුව මෙහිදී පවසා තිබේ.
Source : lankanewsweb.com