Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

කරු පාර්ලිමේන්තුවේ පසු පෙළට


කරු ජයසූරිය මහතා මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෝ සාමාජිකයෙකු නොවන බැවින් ඔහුට තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් නොදියුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබේ.
ජයසූරිය මහතාට වඩා ජ්‍යෙෂ්ඨයින් පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුන්වල සිටින බවත් ඔහුට මෙතෙක් ඉදිරිපෙළ අසුනක වරප්‍රසාදය හිමි වූයේ නියෝජ්‍ය නායකයා වීම නිසා බවත් එම මන්ත්‍රීවරු පැහැදිලි කර තිබේ.
කෙසේ වුවද එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ දෙසැම්බර් 31 දක්වා කරු ජයසූරිය මහතා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බව අමතක නොකරන ලෙසයි.
පක්ෂ නායකයාට හිමි බලතල යටතේ 2012 වසර සඳහා තමාගේ ලැයිස්තුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 20 දෙනා නම් කිරීමේදී කරු ජයසූරිය මහතා සහ රවී කරුණානායක මහතාද නම් කරන බව රනිල් වික්‍රමසිංහ මහතාද මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මින් ඉදිරියේදී පක්ෂයේ විනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තමා දැඩිව සිටින බව ප්‍රකාශකර ඇති වික්‍රමසිංහ මහතා, ලබන සතියේ සජිත් ප්‍රේමදාස මහතාව පක්්්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ඉදිරියට කැඳවා අවවාද කරන බවත්, තමා සමඟ පක්ෂයේ සුභසිද්ධිය සඳහා එක්ව වැඩකිරීමට නොහැකි නම් ඉවත්ව යන ලෙස දැනුම් දෙන බවත් පවසා ඇත.

Share this article with your friends