Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

එජාප ව්‍යවස්ථාවට සංශෝධනයක්


වසරකට වරක් එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලූ ප්‍රධාන නිලතල සඳහා පුද්ගලයින් තෝරා පත්කර ගත යුතු බවටවන වගන්තිය සංශෝධනය කොට, වසර පහකට වරක් පක්ෂ නායකත්වය සඳහා නිලවරණ පැවැත්වීමට අදාළ සංශෝධන ලබන වසරේ මුලදීම ගෙන ඒමට අදහස් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් දක්වා එක් නායකයෙකුගේ මගපෙන්වීම යටතේ පක්ෂය ක්‍රියාත්මක විය යුතු බව ජ්‍යෙෂ්ඨ නායකයින්ගේද මතය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව පක්ෂයේ නිලතල සඳහා ඉදිරිපත් වීමට අවශ්‍ය මූලික කොන්දේසි කිපයක්ද එම ව්‍යවස්ථා සංශෝධනයට එක් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Share this article with your friends