Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

සජිත් බේරගන්න ජෝශප් හේමා රහස් කුමන්ත‍්‍රණයක


එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ආරක්‍ෂා කර ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මිය අතර රහස් කුමන්ත‍්‍රණයක් පැවැති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.


එම කුමන්ත‍්‍රණයට අනුව, කරූ පිලේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත්වීමටත්, රනිල් පිලේ නියෝජ්‍ය නායක අපේක්‍ෂකයා ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතා ඉදිරිපත්වීමටත් තීරණය වී තිබේ.එහෙත් මෙම කුමන්ත‍්‍රණය පක්‍ෂ නායකත්වයට වාර්තාවීමත් සමග පක්‍ෂයේ උපනායක තනතුරට ඉදිරිපත් වන ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාට උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව, ඔහුට එරෙහිව කරූ පිලෙන්ද කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර, ජෝශප් මයිකල් පෙරේරා මහතා උපනායකයා ලෙස ඊයේ (18) නිතරගෙයන් තේරී පත් විය. සජිත් පේ‍්‍රමදාස මහතා සමග තරගයට රනිල් පිලෙන් කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇතැයි දැඩි විශ්වාසයෙන් සිටි සජිත් පේ‍්‍රමදාස මහතා එම තනතුරට තරග කිරීමට රවී කරුණානායක මහතා ඉදිරිපත්වීමත් සමග ඊයේ දිනයේදී බලවත් අසීරුතාවයකට මුහුණ දී සිටියේය.

මෙහිදී හේමා පේ‍්‍රමදාස මහත්මියගේ උපදෙස් මත වහා කි‍්‍රයාත්මක වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා අද (19) පෙරවරුවේ සිරිකොත මූලස්ථානයට පැමිණ තමා උපනායක තනතුරින් ඉල්ලා අස්වී එම තනතුර රවී කරුණානායක මහතාට ලබාදීමට එකඟ බවත්, සජිත් පේ‍්‍රමදාස මහතා නිතරගයෙන් නියෝජ්‍ය නායකයා ලෙස පත් කරන ලෙසත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.එහෙත් රවී කරුණානායක මහතා එම යෝජනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කර ඇත.



Source : hotandfastnews.com

Share this article with your friends