Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

ප්ලාස්ටික් කුඩ සටනට මැදිවූ අපේ ගොවියෝ


එළවළු හා පලතුරු ප්‍රවාහනය සඳහා ක්‍රියාත්මක කරන ලද "ප්ලාස්‌ටික්‌ කූඩ" නීතිය රට පුරා ආන්දෝලනාත්මක සිදුවීම් වලට මුල්වූ කරුණක් විය.

ඇත්තෙන්ම මෙම ප්ලාස්ටික් කුඩ කලබගෑනිය ඇතුලතින් ක්‍රියාත්මක වුයේ සැබෑ ගොවීන්ගේ හඬද? එය විමසා බැලිය යුතු ප්‍රශ්නයකි.

ප්ලාස්ටික් කුඩ මිලට ගැනීම මෙන්ම ඒවා භාවිතය හේතුවෙන් ගොවියාට යම්කිසි පාඩුවක් දැරීමට සිදුවන බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණකි.නමුත් එහි අවසන් ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේ පාරිභෝගිකයාටය.මන්ද ප්‍රවාහන වියදම ඉහල යාම හේතුවෙන් එළවළු හා පලතුරු වල මිල ගණන් ඉහල යාමද සිදු විය හැකි බැවිනි.

ප්ලාස්ටික් කුඩ පිලිබඳ ප්‍රශ්නයේදී ගොවීන්ට ගෝනි නිපදවන ව්‍යාපාරිකයන්ගේ බළල් අතක් වීමටත්, ආණ්ඩුවේ ප්‍රබලයෙකුට ප්ලාස්ටික් කුඩ සමාගම් තුනකින් ලැබෙන ඩොලර් කුට්ටි අනුව වැඩ කිරීමටත් සිදු විය.

මෙරට ප්‍රධාන පෙලේ සමාගම් තුනක් විසින් ප්ලාස්ටික් කුඩ ලක්ෂ ගණනක් නිපදවා ඇති අතර ඒවා විකිණීම සඳහා වෙළඳ අමාත්‍යංශය මගින් සහනාධාරයක්ද ලැබෙන වාර්තා වනවා.කෙසේ නමුත් අදාළ සමාගම් විසින් ලක්ෂ 500 කට ආසන්න මුදලක් රජයේ ප්‍රබලයෙකු වෙත තුටු පඳුරු ලෙස ලබා දී ඇත්තේ තමන්ගේ නිෂ්පා
න වෙළඳ අමාත්‍යංශය හරහා විකුණා ගැනීමටයි.

මේ අතර එළවලු ප්‍රවාහනය කරන පොලිතින් බෑග් නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවකු විසින් අමාත්‍යවරයෙකුගේ සහය ඇතුව ගොවින් ප්ලාස්ටික් කුඩ වලට එරෙහිව කුපිතකොට උද්ඝෝෂණයේ යොදවා ඇත.මෙම හිමිකරු විසින් අදාළ උද්ඝෝෂකයන්ට මත්පැන් සංග්‍රහයක්ද නොමිලේ ලබාදී ඇත.

කෙසේ නමුත් ප්ලාස්ටික් කුඩ හා පොලිතින් ගෝනි නිෂ්පාදනය කරන සමාගම්වල හිමිකරුවන්ගේ සටනින් අවසානයේ පරාජය ලබන්නේ අසරණ ගොවියා හා දුප්පත් පාරිභෝගිකයා නොවේද?









Read more: http://www.gossip9.com/2011/12/blog-post_8000.html#ixzz1h5f10MVc

Share this article with your friends