Chitika Smowtion 468x60


Tuesday, December 20, 2011

සුනාමි පෙරහුරුව අද

සිරිමන්ත රත්නසේකර
සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුවක්‌ අද (20 වැනිදා) සවස 3.00 සිට 4.30 දක්‌වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ පෙරහුරුව දිස්‌ත්‍රික්‌ක 14 ක තෝරාගත් ගම්මානයන්හි පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.

කොළඹ, කළුතර, ත්‍රිකුණාමලය, අම්පාර, ගාල්ල, මුලතිව්, යාපනය, කිළිනොච්චිය, මන්නාරම, පුත්තලම, හම්බන්තොට, ගම්පහ සහ මඩකලපුව එම දිස්‌ත්‍රික්‌ක 14 වන බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පෙරහුරුව අදියර තුනක්‌ යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇඟවීමේ පණිවුඩය ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයටත් එම පණිවුඩය අදාළ දිස්‌ත්‍රික්‌ නිලධාරීන්ටත් අනතුරුව එම පණිවුඩය ආපදාවන්ට ලක්‌වන ජනතාවට දැනුම්දීමට සලස්‌වා ඔවුන්ව ආරක්‍ෂිත ස්‌ථාන වෙත යොමුකිරීමට පියවර ගැනේ.






Source : divaina.com

Share this article with your friends