එහිදී අදහස් දැක්වූ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි කැඳවුම්කරු වන පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසුවේ "සුකිරි බටිල්ලන් ගයන වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී" සිහින වලින් මිදී මෙම ක්‍රියාමාර්ග වලට එරෙහිව පෙරට පැමිණිය යුතුබවයි.
උන් වහන්සේගේ කතාව පහතින් බලන්න
"විනෝද වෙනවා වගේම අධ්‍යාපනය නැමති තීරණාත්මක සාධකය කප්පාදුවට සහ ඊනියා ප්‍රතිසංස්කරණවලට ලක්වෙමින් නිදහස් අධ්‍යාපනය අහිමිවීමේ කඩයිම දක්වා ගමන් කරලා තියෙන වෙලාවක තමයි අර මහාචාර්යවරු අද ඇවිලා මේ මැදිහත් වෙන්නේ විශ්විද්‍යාල ආචාර්යවරු වැඩි දායකත්වයක් මේ සඳහා දෙන්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා වැඩි දායකත්වයක් දෙන්නේ..
අර සූකිරි බට්ටිල්ලන් ගායානා කරනවා වගේ ඉන්න එක වගේ ඒ විකාර කර කර ඉන්න එක වෙනුවට වයි දිස් කොලවරි කොලවරි කොලවරි ඩී කිය කියා ඉන්නේ නැතිව ඒ වෙනුවට අපි අභිමුවේ තියෙන අධ්‍යාපනය සම්බන්ධ උත්තුංග කාරණයේදී වඩාත් සමාධිගත වෙමින් ඒ වගේම අවශ්‍ය මෙහොතේදී සටන්කාමී වෙමින් ඒවගේම වඩාත් හැම මොහොතකම සංවේදී වෙමින් දැනුවත්භාවයයෙන් යුත්කව අවබෝධයක් සහිතව සබුද්ධිකව සටන්කාමීව අයෝමය විදිහට මැදිහත්වීමේ පරම වගකීමක් මේ මොහොතේ තියෙනවා."
Source: http://www.gossip9.com/2012/01/blog-post_31.html#ixzz1l1lLZWi1