පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කෝට්ටේ මහනගර සභාවට තරග කළ ජනක රණවක මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ආධාර උපකාර කළ අතර, මධුරංග විතානගේට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් නාමයෝජනා ලබාදීමෙන් පසු කුප‍්‍රකට ජාවාරම්කාර දිලිත් ජයවීර මහතා ප‍්‍රචාරක අනුග‍්‍රහය දැක්වීය.
ඡුන්ද ව්‍යාපාරය තුලද මොවුන් දෙදෙනා ප‍්‍රසිද්ධියේම එකිනෙකාව විවේචනය කරගනු ලැබීය. කෙසේ වුවද ජනක රණවක මහතා මනාප ඡන්ද 15,000 කට වැඩි ප‍්‍රමාණයක් ගෙන නගරාධිපති ධූරයට පත්වූ අතර මනාප 7,500 කට ආසන්න ප‍්‍රමාණයක් ලබාගනිමින් මධුරංග විතානගේ මහතා නියෝජ්‍ය නගරාධිපති ධූරයට පත්විය.
එසේ තනතුරුවලට පත්වීමෙන් පසුවද සභාව තුලදී මොවුන් දෙදෙනා ප‍්‍රසිද්ධියේම ඇණකොටාගනු ලැබීය.
නගරාධිපතිවරයා විසින් නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ‘නිල් වීඩියෝ’ වෙහි පිටපත් බෙදාහැරීමත් සමග නියෝජ්‍ය නගරාධිපතිවරයා, නගරාධිපතිවරයාගේ වංචා දූෂණ හෙළිදරව් කරමින් ප‍්‍රකාශයක්ද නිකුත් කර තිබේ. එම වංචා ¥ෂණ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමටද නියෝජ්‍ය නගරාධිපතිවරයා කටයුතු කරමින් සිටී.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් සන්ධානය ජයගත් පළාත් පාලන බහුතරයක ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිල්වලට බෙදී ඇණ කොටා ගැනීම නිසා අදාල ප‍්‍රදේශයන් හි සංවර්ධන කටයුතු මුලූමනින්ම අඩාල වී ඇති බවයි. පළාත් පාලන ආයතනවල පවතින මෙම අභ්‍යන්තර ගැටලූ සම්බන්ධයෙන් වහාම සොයාබලා අවශ්‍ය පිලියම් නොයෙදුවහොත් සන්ධාන ආන්ඩුවේ පැවැත්මටද බරපතල තර්ජනයක් විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Source - lankanewsweb.com