ප:ව 10.00
අද මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක්
අද (12) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
ඩීසල් මිල රුපියල් 31 න් ඉහළ නැංවීමට එරෙහිව මෙම තීරණයට එළඹි බවත්, හෙට පෙරවරු 11 ට සිය සංගමය රැස්ව මේ පිළිබඳව සාකච්ඡා කර වර්ජනය පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනවා.
කෙසේවෙතත් සිය සංගමයේ බස් සේවකයින් හෙට බස් ධාවනයෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ.
රුපියල් 31 න් ඩීසල් මිල ඉහළ නැංවීම බස් කර්මාන්තය පවත්වාගෙන යාමට බලපෑමක් එල්ල වන බවත් රජය සඳහන් කළ පරිදි ඉන්ධන ලබාදීමේ හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වාදෙනවා.
ප:ව 8.35
රජය විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩි කර තිබෙනවා.
මේ වනවිට වෙළඳ පොලේ පෙට්‍රල් ලීටරක් රු. 137/-ක්ද ඩීසල් ලීටරයක් රු. 84/-කටද, භූමිතෙල් ලීටරයක් රුපියල් 71/-කටද අලෙවි වනවා.
නව මිල ගනන් යටතේ පෙට්‍රල් ලීටරයක මිල රු. 149/-ක්ද, ඩීසල් ලීටරයක මිල රු. 115/-ක්ද, භූමිතෙල් ලීටරයක මිල රු. 106/-ක්ද වනු ඇති.
මේ අනුව 37%ක් වැනි ඉහල ප්‍රතිශතයකින් ඩීසල් මිල ඉහළ දැමූ නිසා හෙට අනිද්දා සිට බස් ගාස්තුද වැඩි වනු ඇති.
මේ අතර ගෑස් මිල වැඩි කිරීම සඳහා අදාළ ගෑස් සමාගම්වලින් ඉල්ලීම් ලැබී ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. මේ අනුව ඉදිරියේදී ගෑස් මිලද වැඩිවීමට නියමිතයි.
ඉන්ධන මිල වැඩි වන්නේ මධ්‍යම රාත්‍රියේ සිට නිසා මේ වනවිට ලංකාව පුරා ඉන්ධන පිරවුම්හල් වල දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
Source: http://www.gossip9.com/2012/02/blog-post_528.html#ixzz1mBGar0oN