මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නොබෝ දිනකින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසෙන අතර 'ඩැඩී' සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරාගේ 'ටිකෙන් ටික' නැමැති ගීතය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය ඇතුළු පිරිස් විසින් විරෝධය පළකිරීම පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹි බවයි වාර්තා වෙන්නේ.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් කලාකරුවන් පවසන්නේ කලා කෘතීන් මර්ධනය සඳහා ආණ්ඩුව විසින් තවත් පියවරක් තැබීමට සැරසෙන බවයි.
මෙතෙක් කල් “රැඟුම් පාලක මණ්ඩලය" යනුවෙන් හැඳින්වූයේ ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට, වේදිකා නාට්‍යය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට පෙර අනුමැතිය හා අවසරය ලබා දෙන කමිටුවක්.
චිත්‍රපටයක නුසුදුසු දර්ශන ඉවත් කිරීම, ප්‍රදර්ශනය සඳහා නියමිතව ඇති චිත්‍රපට වර්ගීකරණයකට ලක් කිරීම හා ප්‍රදර්ශනයට නුසුදුසු චිත්‍රපට වාරණයට ලක් කිරීම එහිදී සිදුකෙරෙන අතර අනුමත වන චිත්‍රපට සියලු දෙනාටම සුදුසුයි, වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි, සහ වැඩිහිටියන්ට පමණයි ආදී වශයෙන් වර්ගීකරණයට ලක්කෙරෙන්නේද එම මණ්ඩලයෙන්.
වේදිකා නාට්‍යය සඳහා එම නාට්‍යයේ පිටපත බලා අධ්‍යයනය කොට ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය ලබා දෙනවා.
නමුත් එවැනි දෙයක් ටෙලිනාට්‍ය සඳහා මීට පෙර නොතිබුන අතර සංස්කෘතික කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහතා විසින් කල ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේ පැවැති රාජ්‍ය සංගීත උත්සවයේදී ටෙලි නාට්‍ය සඳහා වන රැඟුම් පාලක මණ්ඩලයක් පත්කිරීමට නීති සම්පාදනයට අනුමැතිය ලබාදුන්නා.
මීට වසර කීපයකට පෙර චන්ද්‍රිකා රූපවාහිනි සේවාවන් මගින් පෙන්වන සියලු දේ ද රැඟුම් පාලක මණ්ඩලය මගින් අනුමත විය යුතු බව ද පියසිරි විඡේනායක හිටපු කැබිනට් නොවන සංස්කෘතික ඇමැතිවරයා ප්‍රකාශ කළ අතර එයට විවේචන එල්ල වුනේ පිටරටවල සිට 24 පුරා විකාශය කෙරෙන චන්ද්‍රිකා රූපවාහිනි වැඩසටහන් ඒ මොහොතේම පාලනය නොහැකි නිසා විඡේනායක ඇමැතිතුමාට චන්ද්‍රිකා තාක්ෂණය ගැන දැනුමක් නැතිකමින් කළ ප්‍රකාශයක් ලෙසයි.
ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
රාජ්‍යය සංගීත අනුමණ්ඩලය විසින් ගීත නියාමන කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.මේ අනුව ඉදිරියේදී ගීතයක් එලි දැක්වීමේදී එමගින් සංස්කෘතික සමාජීය ආගමික වටිනාකම් වලට හානියක් සිදුවේදැයි සොයා බැලීමට නියමිතය.
Source: http://www.gossip9.com/2012/02/blog-post_12.html#ixzz1mBJmYIw8