දිනෙන් දින කියන බොරු ජනතාව විසින් අමතක කර දමන නිසාත්, නිරන්තරව කැරෙන බේගල් ප්‍රචාර හේතුවෙන් ඔවුන්ගේ මනස් හිරිවැටී ඇති නිසාත් සෑහෙන දිගු කලක් ජනතාවට මුසාවන්ගෙන් කරදර නොවිඳ සිටිය හැකිය. (ජෝජ් ඕවල් /ටි්රබියුන් 2.6.1944)
රාජපක්ෂවරු ලක්ෂණ කිහිපයකින්ම වේළුපිල්ලේ පිරපාහරන්ට සමාන වෙති. රැවටීමට ඇති හැකියාව ඉන් එකකි. බොරු කීම පුරුද්දකි. පාලන පවුල විදේශිකයන්ට වඩා ශ්‍රී ලාංකිකයන්ට බොරුකීමට කැමතිය. විකිලීක්ස් කේබලයකට අනුව බැසිල් රාජපක්ෂ ඇමරිකානු තානාපති හා කළ සාකච්ඡාවකදී ත්‍රිකුණාමලයේ දෙමළ ශිෂ්‍යයන් පස්දෙනාගේ ඝාතන සම්බන්ධයෙන් විශේෂ කාර්ය සාධන බලකාය වගනකිවයුතුයැ’යි පවසා තිබේ.
ෂන්මුගරාජා ගජේන්ද්‍රන්, ලෝහිතරාජා රොහාන්, තංගතුරෙහි සිවනන්ද, යෝගරාජා හේමචන්ද්‍රන් සහ මනෝහරන් රාජිහාර් යන මේ තරුණයන් පස්දෙනාම 1985 දී උපන්, විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට හෝ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයෝය. ඔවුන්ට කිසිදු දේශපාලන සබඳතා නොවූ අතර හවසට ගාන්ධි පිළිරුව අසල හිඳගෙන කතාබහ කිරීමට පුරුදුව සිටියහ. (යූටීඒච්ආර්ජේ විශේෂ වාර්තාව 2.4.2006)
මේ නිහීන අපරාධය ගැන කිසිවක් නොදන්නා බව රාජපක්ෂවරු හැමවිටම ප්‍රකාශ කළෝය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වෙනස් දෙයකි. ‘එස්ටීඑෆ් එක ඒක කළ බව අපි දන්නවා. එහෙත් උණ්ඩ හා ගිනි අවිවලින් ඒ බව ඔප්පු වෙන්නෙ නෑ. කෙනෙක් මරන්න ඕනෑ වුණහම පාවිච්චි කර වෙනම තුවක්කු ඔවුන්ට ඇති.’’ බැසිල් රාජපක්ෂ එක්සත් ජනපද තානාපතිට පවසා ඇත.
(කලම්බු ටෙලිග්රාෆ්) කොටින්ට පක්ෂපාතී නොවන මානව හිමිකම් ආයතන මේ මරණ සඳහා හමුදාව වගකිවයුතු බව කෙළින්ම කියති. ඇසින් දුටුවන්ගේ සාක්ෂි අනුව ඔවුන් සිද්ධිය විස්තර කරන්නේ මෙසේය. ‘හවස 6යට පමණ ඩොක්යාඞ් පාර දිගේ පැමිණි ත්‍රිරෝද රථයකින් සිසුන් වෙතට බෝම්බයක් විසිකරුණු ලැබුවා. සුළු තුවාල ලැබූ දෙදෙනෙකු බිම වැටුණා. ඒ අතර නාවික හමුදාව හා විශේෂ කාර්ය සාධක හමුදාව සිසුන් වට කළා. කිසිවකුටත් ඉවත් වී යෑමට ඉඩ දුන්නේ නෑ. මුලින් ඔවුන් එස්ටීඑෆ් පැමිණි පොලිස් ට්‍රක් රියට නැග්ගුවා. පසුව පහරදී බිමට තල්ලූ කළා. අනතුරුව බිම දණගස්වා වෙඩි තිබ්බා. දෙදෙනෙකුට වෙඩි තිබ්බේ කන්වලට.තුවාලකරුවන් මැරෙන තුරු කාලය ගෙන රෝහලට ගෙනිච්චා. ඒ සමඟම ශිෂ්‍යයන් මියගියේ ඔවුන් ගෙනා බෝම්බයක් පිපිරීමෙන් බව ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක පැවසුවා. හමුදා වෙබ් අඩවියේද ඒ බව පළ කළා. එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ සිංහල වෛi නිලධාරී ගාමිණී ගුණතුංග ශිෂ්‍යයන් පස්දෙනා මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව සඳහන් කළා (යුටීඑච්ආර් වාර්තාව 2-4-2006)
මේ අතර රාජපක්ෂවරුන් ඇඟවූයේ මේවා කොටින්ගේ බොරු ප්‍රචාර බවය. එහෙත් මේ ප්‍රතික්ෂේප කිරීම් අමූලික බොරු බවත්, මේ නිහීන ඝාතනය කරණු ලැබුවේ තමන් යටතේ සිටින හමුදාව බව ඔවුන් හොඳින් දැන සිටි බවත් විකිලීක්ස් කේබලය එළිදරව් කර සිටී.
අනෙකුත් විකිලීක්ස් පණිවුඩවලද මීට සමාන දේ සඳහන්ව ඇත. ඉහතින් දැක්වු සාකච්ඡාවේදී නාවික හමුදාව බාධාකිරීම් හා මානව අයිතීන් උල්ලංඝනය කිරීමට සම්බන්ධ වූ බවට බැසිල් රාජපක්ෂ මහතා භාරගෙන ඇත. (කලම්බු ටෙලිග්රාෆ්) බැසිල් රාජපක්ෂ සමඟ පැවති මේ සාකච්ඡාව පිළිබඳව එවකට සිටි ඇමරිකන් තනාපති මෙසේ ලියා ඇත. ‘අනෙකුත් දෙමළ කණ්ඩායම් සමඟ අපට ප්‍රශ්න තිබේ.’ ඩග්ලස් දේවානන්දගේ ඊපීඞීපීය. කරුණා කණ්ඩායමේ ටීඑම්වීපීය තමන්ගේ සාමාජිකයන් පාලනය කරගන්නා ලෙසත් ටීඑම්වීපීයට මඩකළපුවට ආපසු යන ලෙසත් බැසිල් රාජපක්ෂ උපදෙස් දී ඇත. ‘සාමාජිකයන්ගේ වැඩ ගැන ඔවුන් වගකිවයුතුයැ’යි අපි කෙළින්ම උපදෙස් දී තිබෙනවා. ඔහු පවසා ඇත. එල්ටීටීඊයට පක්ෂපාත උදයන් පුවත්පතේ යාපනේ කාර්යලය අගෝස්තු මැද දී ගිනිතබන ලද්දේ නාවික හමුදාවේ සහාය ඇතිව ඊපීඞීපීය විසිනි.
බැසිල් රාජපක්ෂ සත්‍යය අසත්‍යය මුසු කොට ඇමරිකන් තානාපතිට පවසා ඇත. එස්ටීඑෆ් විසින් ත්‍රිකුණාමල ඝාතනය කළේත් නාවික හමුදාව සිවිල් වැසියන්ට හිංසා කළේත් ඊපීඞීපීය උදයන් පුවත්පත් කාර්යාලය ගිනි තිබ්බේත් කිසිවකු නොදැනුවත්වයැ’යි පිළිගත හැකිද?
තමන්ගේ ආරක්ෂාව සඳහා රජයට කැපවී සිටින ඊපීඞීපීය හා ටීඑම්වීපීය රජයේ අණට අකීකරු වෙතැ’යි සිතිය හැකිද? බැසිල් රාජපක්ෂ මහතා මේ කතා එළිකළේත් මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාසයේදී ඉන්දීය විදේශ ඇමතිට 13 + දෙන බවට පොරොන්දු වූයේත් රාජපක්ෂලාට දෙපැත්තේම අන්තවාදීන්ගෙන් බලපෑම් එල්ල වන බව පෙන්වීමටය.
එහෙත් ඇත්ත එය නොවේ. රාජපක්ෂලා කෙසේ හෝ බලයේ රැඳී සිටීමට සැබැවින්ම කැමති වෙති. මේ යථාර්ථය සැඟවීය නොහැකිය. බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට සම්පූර්ණ ඇත්ත කීවේ නැත. බලය විමධ්‍යගත කිරීමේ පොරොන්දුව අමූලික බොරුවක් බව ඉන්දියාවට වැඩිකල් නොගොස් තේරුම් යනු ඇත. රාජපක්ෂලා කියන පුරසාරම් හා ඔවුන්ගේ පාලනය යටතේ ඇති සැබෑ තත්ත්වයේ වෙනස ශ්‍රී ලංකා ජනතාවද තේරුම් ගැනීමට පටන් ගෙන ඇත. සියලූම ශිිෂ්ටසම්පන්න සමාජයක පදනම් කුලූනු වන පොලීසියේ සිට අධිකරණය දක්වාත් අධ්‍යාපනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සිට මහ බැංකුව දක්වාත් වන ආයතන ගැන මහජන විශ්වාසය විශාල ලෙස ගරා වැටී ඇත. කොළොන්නාව පුංචි යුද්ධයේදී පළමුවැනි වෙඩිල්ල තැබුවේ භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍රගේ ආරක්ෂක පොලිස් භටයා බව සාක්ෂිකරුවකු හඳුනාගත් බව රහස් පොලිසිය උසාවියට පැවසූ බව වාර්තා වේ. එහෙත් සාක්ෂිකරු දිව්රුම් පෙත්සමකින් කියා සිටින්නේ තමා රහස් පොලීසියට එබන්දක් නොකීබවය. (ඬේලි මිරර් 31.1.2012) පසුගිය සතියේ පයාගලදී මෝටර් වාහනයක් පැදවූවෙකු හදිසි අනතුරු 3ක් කරමින් පාපැදිකරුවන් දෙදෙනෙකු මරණයට ලක් කළ අතර යතුරුපැදිකරුවකුට තුවාල කළේය. පොලීසිය එය කළ රියදුරු අත්අඩංගුවට ගත් බව පැවසුවත් ප්‍රදේශවාසීන් කියන්නේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරු කළ රියදුරා නොව ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් කෙනකු බවය. ඔවුන්ට අනුව වාහනය පදවා ඇත්තේ ඇමති රෝහිත අබේගුණවර්ධනගේ බෑණා කෙනකු වන 22 හැවිරිදි තරුණයෙකි. පොලීසිය කෙතරම් දේශපානිකරණය වී ඇද්ද යන්න නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන ඇති විශ්වාසය පළුදුවීම පෙන්නුම් කරයි. ජනාධිපති සහෝදර. ඇමති බැසිල් රාජපක්ෂයට අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන 8.3% වර්ධන අනුපාතය ලෝකයේ ඉහළම රටවල් 4 අතරට ශ්‍රී ලංකාවද එක් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ලබන වසරේ ආර්ථික වර්ධනය අතින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ චීනයට පමණි. (ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය) ප්‍රසිද්ධ කර ඇති දේට අමතර යමක් ඇමති බැසිල් රාජපක්ෂ දන්නවා විය හැක. එහෙත් ජා.මූ.අ. නිල පුරෝකථනයන්ට අනුව 2012 ශ්‍රී ලංකාවේ වර්ධන වේගය වන්නේ 6.5කි. ඒ චීනය ලා ඕස් සහ ඉන්දියාව යන ආසියානු රටවලට පහළිනි. ශ්‍රී ලංකාව ආසියාවේ දෙවන නැගීඑන ආර්ථික බලවේගය ලෙස එහි කිසි තැනක සඳහන් කර නැත. නැගී එන ආසියානු ජාතීන් ලෙස දක්වා ඇති චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, කොරියාව, මැලේසියාව, පිලපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය හා වියට්නාමය ඇතුළත් ලැයිස්තුවේ පවා ශ්‍රී ලංකාව නැත. එය ඇතුළත් කර ඇත්තේ අඩු ආදායම් ආසියානු රටවල් අතරය. ජා.මූ.අ. වැරදීම්වලින් තොර නැත. වර්තමාන ගෝලීය ආර්ථික අර්බුදය ඔවුන් පෙර දැක්කේ නැත. එහෙත් කිසිවෙක් තමන්ගේ සුරංගනා කතා සඳහා ජා.මූ.අ මූලාශ්‍ර ලෙස යොදා ගත්තේ නම් දී ඇති පුරෝකථන පදනම් කරගත යුතුව ඇත.
2012 සන්ඩාන්ස් චිත්‍රපට උත්සවය ඇරඹුණේ ‘වර්සායි රැජින’ ගැන වාර්තා පටයකිනි. එහෙත් විනෝදශීලී අහංකාර මාරි ඇන්ටනට් ප්‍රංශ රාජිනිය වෙනුවට උත්සවයේ රැජිනිය වූයේ ඇමරිකන් කෝටිපති ඬේවිඞ් සියැගල්ගේ බිරිඳයි. සියැගල්ලා වර්සායි මාලිගාවේ ස්වරූපයට එක්සත් ජනපදයේ විශාලම ගොඩනැගිල්ල තනා 15 ලූවී වර්ගයේ පැරණි ගෘහභාණ්ඩවලින් එය පිරවීමට තැත් කළත් මූල්‍ය අර්බුදය ඊට හරස් විය. සියැගල් පවුලේ ව්‍යවස්ථාවේ සිට ග්‍රීසියේ මහා අර්බුදය දක්වා කියාපන්නේ මහා ප්‍රතිමාව ණය බර නම් විසිරෙන වැල්ලේ ඉදිකළ නොහැකි බවය. මේ පාඩම රාජපක්ෂලා උවමනාවෙන්ම නොතකා හරිති.
රාජපක්ෂලාට සංවර්ධනය යනු අහස සූරන මැදුරු සිට දැවැන්ත බුද්ධ ප්‍රතිමා. ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සිට සුවිසල් රංගශාලා, අධිවේගී මාර්ගවල සිට තනිපීලි දුම්රිය පෙන්නුම් කරන ෂෝ එකක් පමණි. වැදගත්කම දෙන්නේ දිගුකාලීන පැවැත්මට හෝ ඵලදායීතාවට නොව ප්රදර්ශකත්වයටය. රාජපක්ෂ මන්ත්‍රය ජප කරන්නන් කැමති දැවැන්තකමට පුහු ඔපයට හා බොරු දිස්නයටය. ඉතිහාසය පුරා පාලකයෝ අති දැවැන්ත ඉදිකිරිම් ව්‍යාපෘති ගොඩනැගීම හේතුවෙන් මූල්‍යමය ලෙස බංකොළොත් වී ජනතාවගේ මුදල් ශ්‍රමය කාලය හා ශක්තිය නිරපරාදේ වැය කළහ. ඉතිහාසය පුරා වැඩවසම් හා මධ්‍යම පන්ති නාස්තිකාරයන් සුඛෝපභෝගී ජීවන රටා පැවැත්වීමට පවුලේ සම්පත් විකුණා බංකොළොත් වූහ. මැදමුලන සුළු කුලීනයක් වන රාජපක්ෂලාද ඊට වෙනස් නැත. ඔවුන්ගේ ජීවන රටා මෙන් පාලන විලාසිතාද පවත්වා ගතයුතුව ඇත. මෙවර සන්ධානය පාලනය කරන පළාත් සභාවල කැමත්ත ඇතිව ඉඩම් පවරා ගැනීමේ පනත ගෙන ඒම ගැන පුදුමවීමට දෙයක් නැත.
මේ ගෝලීය ලෝකයේ කිසිම රටකට එක්සත් ජනපදය හා යුරෝපයට බලපෑ ආර්ථික මූල්‍ය අර්බුදයෙන් මිදී සිටීමට හැකියාවක් නැත. චීනය හා ඉන්දියාව යන රටවල් 2ම තමන්ගේ වර්ධන අනුපාත ගැන තිබූ බලාපොරොත්තු අඩුකර ගත්හ. එහෙත් ශ්‍රී ලංකාව එසේ කර නැත. මැදපෙරදිග තෙල් මිල පහත වැටීම නිසා විදේශ පේ‍්‍රෂණවලින් ලැබෙන ආදායමේ විශාල වැටීමක් විය හැකියැ’යි ජා.මූ.අ පවසයි. යුරෝපීය හා ඇමරිකානු අර්බුදය හේතුවෙන් අපනයන වෙළෙඳපොළ සංකෝචනය වීම සහ ආනයන මිල ඉහළ යෑම සිදුවිය හැකිය. එය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපානු ඇත.
ජනාධිපති රාජපක්ෂ පවසන ලෙසට ඉරානයට සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට පීඩාවනු ඇත. සපුගස්කන්ද පිරිපහදුව පැරණි එක්ක බැවින් හොඳින් යොදාගත හැක්කේ ඉරානයෙන් ගෙන්වන ඛනිජ තෙල් වීම ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් අයහපත් කරනු ඇත. (බීබීසී 31.1.2012) පිරිපහදුව නවීකරණය කිරීම අරමුදල් හිඟවීම නිසා කල් දැමිණ. මෙවැනි ආර්ථිකමය ලෙසින් වැදගත් වන වැඩ අතහැර අතිවිශාල කුලූනු නැත්නම් තනිපීලි දුම්රිය මං ගොඩනැගීම කෙතරම් අර්ථත්දැ’යි කල්පනා කළ යුතුව ඇත. ටික දිනකින්ම ඉවත් කළ යුතු වන නාමල් රාජපක්ෂගේ සංකල්පයක් වන සුඛෝපභෝගී ගුවන් තොටුපොළ ශීග්‍රගාමී දුම්රිය වැනි නාස්තිකාර වියදම්ද එසේමය.
පරිවර්තනය හේමන්ත රණවීර
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.
රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.