Chitika Smowtion 468x60


Sunday, February 12, 2012

ත්‍රස්තවාදීන් පෙන්වා ජාතික ආරක්ෂාවෙන් ගොල්ෆ් ගැසීම - කුසල් පෙරේරා


ආරක්ෂක වැය කිරීම් සඳහා 2010 දී ජාතික අය වැයෙන් වෙන් කෙරුනු මුදල, රුපියල් කෝටි 2,020 ක් විය. එය යුද්ධය අවසන් වූ 2009 වසරට වඩා සියයට 14 ක වැඩි වීමකි. ඊළ`ගට 2011 වසර සඳහා වෙන් කිරීම, තවත් සියයට 6.4 ක් එකතු කරමින් කෝටි 2,160 ක් පමණ විය.
මේ 2012 වසර සඳහා එය තවත් සියයට 07 කින් වැඩි කෙරිණ. මේ ලෙස වාර්ෂිකව වෙන් කෙරෙන ආරක්ෂක වියදම් වලට වසර මැද හෝ අග දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තු මගින් තව මුදල් දස ලක්ෂ ගණින් පුරුද්දක් ලෙස එකතු කරනු ලබන්නේ ය. දැන් නාගරික සංවර්ධනයද එකතු කර ඇති ආරක්ෂක ලේකම් එය සාධාරණය කරන්නේ මෙලෙසිනි.

''අවාසනාවකට, තව දුරටත් ඉතා විශාල ආරක්ෂක පද්ධතියක් පවත්වා ගන්නේ මැන්දැයි ද හා ජාතික අය වැයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සඳහා එපමණ විශාල මුදලක් වෙන් කරන්නේ මන්දැයි ද ලංකාවේ පවා ඇතැම් කණ්ඩායම් ප්‍රශ්න කරති. මේ කණ්ඩායම් වලට ඉතා මෑත පාඩම් අමතක වී ඇති සෙයකි.''
''එල්.ටී.ටී.ඊය මාරාණ්තික තර්ජනයක් විය. එහි හමුදා අංශය පරාජය කර තවමත් වසර දෙකහමාරක් පමණි. ඛෙදුම්වාදය ජීවමාන ලෙස පවත්වා ගැනීමට ජාත්‍යන්තර තලයේ එල්.ටී.ටී.ඊයට සම්බන්ධ කණ්ඩායම් ගන්නා උත්සාහයන් පිළිබඳව අපි දනිමු. ශී්‍ර ලංකාව ඇතුළත ත්‍රස්තවාදීන් යළි එකතු කරමින් යළි සංවිධානය කිරීම, ජාතික ආරක්ෂාවට තවමත් තර්ජනයකි.''
(ආරක්ෂක හා නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ගෝඨාභය රාජපක්ෂ -
2012 ජනවාරි 10 වන දින, zzශී්‍ර ලංකාවේ ජාතික ආරක්ෂාවට ඇති අනාගත අභියෝග'' මැයෙන්
ශී්‍ර ලංකා පදනම් ආයතනයේ කළ ප්‍රසිද්ධ දේශනයෙන් උපුටා ගැනීම් දෙකකි)
දැන් මේ කතා කරන්නේ වෙනත් මාතෘකාවක් යැයි කෙනෙකු සිතුව ද, එය ද ආරක්ෂක වැය කිරීම් හා ජාතික ආරක්ෂාවට සෘජුව සම්බන්ධ ය. එය මේ වැනි ප්‍රශ්නයකින් පටන් ගන්නේ නම් වැදගත් ය. ගොල්ෆ් කී්‍රඩාව සඳහා කොපමණ මුදලක් පුද්ගලයෙකු විසින් වැය කළ යුතු ද ? ඉහළ පෙළ, අධි මිල නොවන සාමාන්‍ය ගොල්ෆ් කට්ටලයක් සඳහා අන්තර් ජාලයේ සඳහන් වන අයුරු, ඇමෙරිකානු ඩොලර් 1,600 ක්, රුපියල් වලින් අද විනිමය අනුපාතයට අනුව, 180,000 ක් පමණ වැය කළ යුතු ය. ගොල්ෆ් පන්දු දුසිමක් ඩොලර 70 - 80 ක් රුපියල් 10,000 ක් පමණ යැයි කියති. සාමාණ්‍යයෙන් ගොල්ෆ් කී්‍රඩාවේ දී පන්දු විශාල ප්‍රමාණයක් නැති වන්නේ ය. එනිසා ඒවා මිල දී ගන්නේ දුසිම් ගණනින් ය. ඊට අමතරව, ගොල්ෆ් කී්‍රඩාව සඳහා තව වැය වීම් ඇත. කී්‍රඩා කට්ටලය ගෝලයෙකුගේ කරේ දමා ගෙන යෑමට තිබිය යුතු අධි මිලැති බහාලනය හෝ ඇතැම් විට ඒ වෙනුවෙන් යොදා ගන්නා අත් කරත්තය ඊට එකතු වන්නේ ය. ඊටත් අමතරව, කී්‍රඩා කිරීම සඳහා වරකට ගෙවිය යුතු ගාස්තුවක් හෝ කී්‍රඩා සමාජයක සාමාජිකත්වය ගැනීමට වැය කළ යුතු මුදලක් ඇත. ඒවා ද රුපියල් දහස් ගණනින් හා ලක්ෂ ගණනින් එකතු වන වියදම් ය. සරළව කිවහොත් ගොල්ෆ් ක්‍රීඩාව, කෝටිපතියන් ගේ කී්‍රඩාවකි. එය කි්‍රකට් ගැසීමටත් වඩා අධි වියදම්කාරී කී්‍රඩාවකි.
කි්‍රකට් මෙන්ම ගොල්ෆ් කී්‍රඩාව ද සුද්දන්ගෙන් පැවත එන්නකි. ගොල්ෆ් කී්‍රඩාව ලොව පුරා ගෙන යන ලද්දේ ස්කොට්ලන්ත ජාතිකයින් විසිනි. ගොල්ෆ් කී්‍රඩාව වළ වල් 18 ට සීමා වන්නෙ ස්කොට් ජාතිකයෙකුට විවේකීව ඇවිද යමින් ස්කොච් විස්කි බෝතලයක් අවසන් කිරීමට ඒ දුර අවශ්‍ය නිසා යැයි කතාවක් ද ඇත. වෙනසකට ඇත්තේ කි්‍රකට් කී්‍රඩාවට අවශ්‍ය කී්‍රඩා පිටියක් නඩත්තු කිරීම මෙන් නොව, අක්කර 100 - 150 ට වැඩි ගොල්ෆ් පිටියක් තනා නඩත්තු කිරීම, අතිශය විශාල වියදම් සහිත කාර්යක් වීම ය. සුද්දන් ගේ කාලයේ ඉදි කෙරුනු හා ඊට පසුව ඉදි කෙරුනු ගොල්ෆ් පිට්ටනි 07 ක් ලංකාවේ තිබිණ. රෝයල් ගොල්ෆ්, හැව්ලොක් සහ ඇන්ඩසන් යැයි 03 ක් කොළඹ විය. නුවර එළිය, නුවර, පැල්වත්ත හා දියතලාවේ ද සුද්දන්ගේ කාලයේ වැවිලිකාර ව්‍යාපාරිකයින් විසින් හා බි්‍රතාන්‍ය හමුදාව විසින් ගොල්ෆ් පිට්ටනි ඉදි කරන ලදී.
දැන් ඉතිරිව ඇත්තේ 03 ක් පමණි. 70 දසකය වන විට, මෙතරම් ගොල්ෆ් පිට්ටනි ප්‍රමාණයක් නඩත්තු කළ හැකි, ඉහළ පැලැන්තියේ ධනකුවේරයින් ප්‍රමාණයක් මෙරට නොසිටියහ. එනිසා හැව්ලොක් ගොල්ෆ් පිට්ටනිය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහාත් ඇන්ඩසන් ගොල්ෆ් පිටිය මහල් නිවාස සංකීර්ණයක් සඳහාත් කැබලි කෙරිණ. මහනුවර පිටිය ශික්ෂණ රෝහල සඳහා අත හැරින. දියතලාව හා පැල්වත්ත ද අභාවයට ගියේ ය. දැන් ඉතිරිව ඇත්තේ කොළඹ රෝයල් ගොල්ෆ් පිටියත්, නුවර එළිය පිටියත් හා පසුව තැනුණු වික්ටෝරියා ගොල්ෆ් පිටියත් පමණි.
මහඛෙරියතැන්නෙහි වික්ටෝරියා ගොල්ෆ් පිටිය ඉදි කිරීම පරිසරවේදීන් ගේ විරෝධයට හසු වූවකි. ගොල්ෆ් පිටියක අක්කර දුසිම් ගණනක් වසා පැතිරෙන විශාල තණ නිල්ල නඩත්තු කිරීම වෙනුවෙන් ලොව පුරා හැම තැනම ඛෙහෙවින් රසායනික කෘමි නාශක හා පොහොර යොදන්නේ ය. ''නැචුරල් ලයිෆ්'' නම් ඇමෙරිකානු ස`ගරාවේ 2008 මාර්තු-අප්‍රේල් කලාපයේ පල කර තිබූ ''ගොල්ෆ් කි්‍රඩාවේ අධික වැය'' නම් විශේෂාංග ලිපියට අනුව, 1982 අගෝස්තුවේ දී ඇමෙරිකානු නාවිකයෙකු වූ වයස අවුරුදු 30 ක ලූතිනන් ජෝර්ජ් ප්‍රයර් මිය යෑමේ හේතුව ලෙස වෛද්‍ය වාර්තා සඳහන් කරන්නේ ඔහු වර්ජීනියාවේ ආලිංටන් හමුදා ගොල්ෆ් පිටියේ තණ නිල්ලට ගසා තිබූ ''ඩැකොනිල් 2787'' නම් රසායනික පුස් නාශකය දින කිහිපයක් එක දිගට ආග්‍රහණය වීම නිසාවෙන් මිය ගිය බව ය. එම ලිපියෙහිම වූ තවත් සඳහනකට අනුව, වෘත්තීය ගොල්ෆ් කී්‍රඩකයෙකු වූ ඇමෙරිකානු ජාතික බිලී කැස්ප මිය ගොස් ඇත්තේ ද දිගු කාලයක් රසායනික කෘමි නාශක වලට ගොදුරු වීමෙනි. එම ලිපියටම අනුව, ගොල්ෆ් පිටි වලට පරිසරවේදීන් විරුද්ධ වන අනෙක් කාරණා දෙක නම්, පාරිසරික පද්ධතියක ඇති විවිධත්වය විනාශ කරමින් ගොල්ෆ් පිටි මගින් ඒක ජෛවී පරිසරයක් විශාල ප්‍රදේශයක් පුරා තහවුරු කිරීමත් ඒවා සඳහා අවශ්‍ය වන විශාල ජලය ප්‍රමාණයත් ය.
මේ සියලූ කාරණා සඳහන් කෙරුණේ ''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' ගැන කතා කිරීමට ය. උඩ වලව ජාතික වනෝද්‍යානය හා ඛෙරගල වන සංරක්ෂිතය යා කෙරෙන බෝගහපිටිය වන බිමෙහි ගොල්ෆ් පිටියක් හැදීමට සැළසුම් කර තිබුණ ද, එය අලිමංකඩක් හරස් කරන්නේ යැයි නැගි විරෝධය සමග, මෙරට සිව් වන ගොල්ෆ් පිටිය තැනුණේ ''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' නමිනි. එහෙත් එය හා බෝගහපිටිය අතර කිසිදු සම්බන්ධයක් නැත. ''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' පිහිටුවා ඇත්තේ ඒ-6 ප්‍රධාන මාර්ගයේ සිව් වන සැතපුම් කණුව අසලින් හැරී, චීන වරාය දක්වා යන මාර්ගයේ ය. ඒ මාර්ගයේ සුන්දර ගුවන් හමුදා ගුවන් තොටු පලත් ඔවුනගේ පුහුණු අධිකාරයත් පසු කළ විට, ''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' ඇත. එහි හිමිකාරිත්වයත් එහි පාලනය හා නඩත්තුවත් ශී්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ය.
''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' සම්බන්ධයෙන් ගුවන් හමුදා නිල වෙබ් අඩවියෙහි සඳහන් කෙරෙන්නේ මෙවැන්නකි. ''එහි අලූත් පෙනුමත් සමග, ඊගල්ස් ගොල්ෆ් පිටිය ඇත්තෙන්ම සම්පූර්ණ ය. තෙවන වළෙහි සිට පස් වන වළ දක්වා දිගු නිල්ල පැතිර ඇත. කී්‍රඩක අභියෝග ලෙස ජල අපහසුතා, වැලි ගොඩවල්, ර`ඵ පෙදෙස් සහ වමට හා දකුණට ඇති නැමි (මේවා ෘදට ඛැටි යැයි හඳුන් වනු ලැබේ) ඇත. ආරම්භක භුමි භාගයේ සිට බැලු විට ඇත්තේ ඉතා දැකුම්ක`ඵ, මනස්කාන්ත දර්ශනයකි. දිගු තණ නිල්ල හරහා ඇවිද යන්නෙකුට උස් සහ පහත් තැන් ද වක ගැසුණු සාම්ප්‍රදායික පාළම් ද හමුවන අතර, සිහිල් සැහැල්ලූවක් දැනෙන හරිත යායක් හා ඝණ පඳුරු ද වවා ඇත.''
මේ ගොල්ෆ් පිටිය සම්පූර්ණ වන්නේ එයින්ම නොවේ. තරු මට්ටමේ සුඛෝපභෝගී ලැගුම් කාමර ද එහි ඇත. ආසන්න දිය පහරෙහි වෙනසකට අවශ්‍ය විශේෂ බිලී බෑමේ අවස්ථා ද ඇත. ගුවන් හමුදා නිල වෙබ් අඩවිය සඳහන් කරන අයුරු, ශී්‍ර ලංකාවේ වැඩි වන ගොල්ෆ් කී්‍රඩක ප්‍රජාව වෙනුවෙන් මෙය රට තොට බලා ගැනීමටත් ස්වභාව ධර්මයා විඳ ගැනීමටත් සුවිශේෂී මහ`ගු අවස්ථාවකි.
ඒ සියල්ල එසේ විය හැක. එහෙත් ඉන් ප්‍රශ්නය කිහිපයක් පැන නැගෙන්නේ ය.
1. ගුවන් හමුදාව හා ආරක්ෂක කටයුතු සමග ගොල්ෆ් පිටියක් සම්බන්ධ වන්නේ කෙසේ ද ?
2. කෝටි ගණන් මුදල් වියදම් කර ගොල්ෆ් පිටියක් තැනීමට, ගුවන් හමුදාවට ඇති ජාතික අවශ්‍යතාව කුමක් ද ?
3. මෙතරම් විශාල මුදලක් හා මේ ගොල්ෆ් පිටිය තැනීමට අවසර දුන්නේ කවුද ?
4. එසේ අවසර දුන් පුද්ගලයාට, එවැනි අවසරයක් දීමට ඇති බලය කුමක් ද ?
5. මෙම ගොල්ෆ් පිටියෙන් හා ඊට එකතු කර ඇති අතුරු සේවා මගින් ලබන ආදායම බැර වන්නේ කාගේ කුමන ගිණුමකට ද ?
මෙවැනි පරිපූර්ණ ගොල්ෆA පිටියක් තැනීම ති්‍රකුණාමලයේ පාසලක කී්‍රඩා පිටියක් තැනීම වැනි නොවේ. ඒ සඳහා ඉහළ වියදමක් ඇත. එය රුපියල් දස ලක්ෂ ගණනින් නොව, පැහැදිලිවම, රුපියල් කෝටි ගණනින් සැදෙන්නකි. එවැනි විශාල මුදලක් ගුවන් හමුදාවට ලැබුණේ කෙසේ ද ? කෙසේ ලැබුණ ද එයට අනුමැතිය ලබා දීමට ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු පරිපූර්ණ ව්‍යාපෘති වාර්තාවක් සහිත පිළිවෙතක් ඇත. මෙවැනි යෝධ ව්‍යාපෘති සඳහා අවම තරමින් කැබිනට් පති්‍රකාවක් හෝ අනුමතව තිබිය යුතු ය. එයට ද හේතුවක් ඇත. මෙය මුදල් උපයන ව්‍යාපෘතියකි. එනිසා ඒ උපයන මුදල් ලැඛෙන්නේ කාට ද කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි මූල්‍ය පාලනයක් හා කළමනාකාරිත්වයක් ඉහළ ආයතනයකට වගකියන ආකාරය දක්වමින් සඳහන් විය යුතු ය.
මෙය පසු ගිය ජනවාරි 07 වන දින විවෘත කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. එනිසා ඔහු ගේ පූර්ණ අනුමැතිය මීට ඇති බව සහතික ය. එවැනි කාරණා සමග, මේ සඳහා වියදම් කර ඇති රුපියල් කෝටි ගණන, ආරක්ෂක වැය ශීර්ෂය යටතේ පසු ගිය අය වැයෙන් ජාතික ආරක්ෂාව සඳහා ලබා දුන් මුදලින් නොවේ යැයි කිව හැකි ද ? කිසිදු විවෘතභාවයක් නැති, සාමාන්‍ය ජනතාවටත් ජාතික ආරක්ෂාවටත් කිසිසේක් අදාල නැති මෙවැනි වියදම් ගැන, විගණකාධිපතිට විභාග කර, වාර්තා ඉදිරිපත් කළ හැකි ද ?
පැහැදිලිවම මේ සියල්ලෙහි විශාල ප්‍රෝඩාවක් ඇත. රුපියල් ප්‍රකෝටි ගණනින් කාලය, වත්කම්, දේපළ හා ජීවිත විනාශ කරමින් අනාථයින්, වැන්දඹුවන් හා අබ්බගාතයින් දහස් ගණනින් බිහි කර අවසන් කළ යුද්ධය මේ රාජපක්ෂ පාලනයෙන් සාධාරණය කෙරුණේ, ඛෙදුම්වාදී ත්‍රස්තවාදීන් ගෙන් රටත් ජනතාවත් බේරා ගත්තේ යැයි කියමිනි. යළි සාමය හා ස්ථාවරත්වය රට පුරා ස්ථාපිත කිරීමට, එල්.ටී.ටී.ඊ ඛෙදුම්වාදී ත්‍රස්තවාදය ද එහි නායක වේ`ඵපිල්ලේ ප්‍රභාකරන් ඇතු`ඵ ප්‍රධානීන් ද විනාශ කළේ යැයි කියමිනි. සාමාන්‍ය ජනතාවට කියූවේ දැන් ඉතින් බිය වන්නට කිසිත් නැත කියා ය.
එනමුත් දැන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂම කියන්නේ ඛෙදුම්වාදී ත්‍රස්තවාදීන් යළි මෙරට තුළම සංවිධානය වීමේ අනතුරක් ඇත කියා ය. එනිසා වාර්ෂිකව වැඩි කෙරෙන ආරක්ෂක වියදම ගැන ප්‍රශ්න නොකළ යුතු යැයි ඔහු කියයි. ජාතික ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් බහුලව පැතිර සිටි ප්‍රදේශ වැඩි හමුදා ආවරණයක් යටතේ පවත්වා ගත යුතු යැයි ද ඔහු තර්ක කරන්නේ ය. අවිවාදයෙන්ම ති්‍රකුණාමලය ද එවැනි ප්‍රදේශයකි. එනමුත් ති්‍රකුණාමලයේ චීන වරායෙහි ගුවන් හමුදාව ගොල්ෆ් පිටි තනා, මහා සල්ලිකාරයින්ට විවේකීව ඉන්නට ආරාධනා කරන්නේ ය.
දැන් ගුවන් හමුදාව සැළකිය යුතු අන්දමින් මුදල් ඉපැයීමට අත ගසා ඇත. හෙලිටුවර්ස් මගින් ගුවන් ගමන් බාර ගන්නේ ව්‍යාපාරික ආයතනයක් ලෙසිනි. එය ප්‍රචාරය කරනු ලබන්නේ වෙහෙස කර ජීවිතයෙන් මිදී ''ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්'' පිටියේ ගොල්ෆ් කී්‍රඩාවේ යෙදී ''මාබල් බීච්'' හෝ ''ගොල්ෆ් ක්ලබ්'' හි නැවතී සිට, අවශ්‍ය නම් යාපනයට ද ගොසින් එන්නට ඉතාම විශ්වාසදායි පුහුණුවෙන් සහ පළපුරුද්දෙන් ඉහළ, වෘත්තීය සම්පත්ධාරීන් ඉන්නා සේවාවක් ලෙසිනි.
ජාතික ආරක්ෂාවට කිසිදු නෑ කමක් නැති එවැනි සේවාවන් මුදලට සපයන හා ලාභ ලබන ආරක්ෂක සේවා සඳහා ප්‍රාග්ධන යෙදවුම් ලබා ගනු ඇත්තේ ආරක්ෂක වැය ශීර්ෂයෙන් විය යුතු ය. එය පැහැදිලිවම බරපතල දූෂණයකි. වංචාවකි. ආරක්ෂක වැය ශීර්ෂයෙන් මුදල් එසේ වෙන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ ත්‍රස්තවාදී අනතුර හමුවේ ජාතික ආරක්ෂාවට පමණි. ආරක්ෂක සේවා ඔස්සේ වාණිජ ව්‍යාපාර කිරීමට නොවේ. එනිසා මෙවැනි මුදල් ඉපැයීමේ සුඛෝපභෝගී ව්‍යාපෘති වෙනුවෙන් වැය කිරීමටවත් එයින් මුදල් ඉපැයීමටවත් ආරක්ෂක අංශයේ කිසිදු අංශයකට අයිතියක් නැත.
මේ යෝධ දූෂණ වංචා වසා ගැනීමට හැකි බලහත්කාර ක්‍රමයක් වන්නේ සිංහල සමාජය හමුවේ නැවත ඊළාම් කොටි ත්‍රස්තවාදයක් මවා, ආරක්ෂක ක්ෂේත්‍රයේ කිසිවක් ප්‍රශ්න නොකරන්න යැයි කීමෙනි. ජාතික ආරක්ෂාව තමන්ට පමණක් අයිති අනෙකුන් කිසිවෙක් ඒ ගැන නොදැන සිටිය යුතු කාරණාවක් ලෙස දන්වා, සමාජය නිහ`ඩ කිරීමෙනි. එසේ නිහ`ඩ කෙරෙන සමාජයක් හමුවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගොල්ෆ් ගැසීම පහසු ය.

Source - lankanewsweb.com

Share this article with your friends