Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

මාලදිවයිනේ පාරක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුව නාමල්ගේ හිතවතෙකුට


මාලදිවයිනේ Addu දූපතෙහි කිලෝමීටර් 4.8ක් දිගැති මං තීරු දෙකක ඇස්පෝල්ට් කොන්ක‍්‍රීට් මාර්ගය ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට හිතවත් ඉන්ටර්නැෂනල් කන්ට‍්‍රක්ශන් කන්සෝටියම් ප‍්‍රයිවට් ලිමිටට් වෙත ලබා දීමට තීරණය වී ඇත. ඒ සඳහා ඇමරිකානු ඩොලර් 9,900,000 (වැට් රහිත) කොන්ත‍්‍රාත් ගිවිසුමකට එළඹීමට නියමිතය.
2011 නොවැම්බර් මාසයේ මාලදිවයිනේ පැවැති සර්ක් සමුළුව සඳහා සූදානම් වෙමින් සිටි මාලදිවයින රජයේ ආණ්ඩුවSunset bridge වෙතින් ආරම්භවී Addu දූපතෙහි Maradhoo iy Feydhoo හරහා දිවෙන කිලෝමීටර් 4.8ක් දිගැති ඇස්කෝට් කොන්ක‍්‍රිට් මාර්ගයක් ඉදි කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහය ඉල්ලා තිබිණි. ඒ අනුව එම මාර්ගය ඉදි කිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන දහයක් නොයික්මවන ප‍්‍රදානයන් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා රජය හා මාලදිවයින ජනරජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණ.
ඍජු කොන්ත‍්‍රාත් ලබාදීමේ ක‍්‍රම භාවිතා කරමින් එම කාලයේ මාලදිවයිනේ සේවයේ නියුතුව සිටිය දී ශ‍්‍රී ලංකාවේ ඉන්ටර්නැෂනල් කන්ට‍්‍රක්ශන් කන්සෝටියම් ප‍්‍රයිවට් ලිමිටට් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය හරහා පවරන ලෙස නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා බලපෑම් කර තිබිණ.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends