Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

කල්ලඩි පාලම ඉදිකිරිමේ කොන්ත‍්‍රාත්තුවත් බැසිල්ගේ හිතවතෙකුට


නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කල්ලඩි පාලම ඉදිකිරීමේ උප කොන්ත‍්‍රාත්තුව මාගා ඉංජිනියරින් ප‍්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත පවරා දීමට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කටයුතු කරමින් සිටියි.
මාගා ආයතනයේ ප‍්‍රධානී කපිතාන් කුලරත්න මහතා බැසිල් රාජපක්‍ෂ මහතාගේ සමීපතම ව්‍යාපාරික මිතුරකු වන අතර, මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ මූලික කටයුතු සඳහා පමණක් ඉදිකිරිමේ කොන්ත‍්‍රාත් මුදලින් 5%ක අත්තිකාරම් මුදලක් ඇමතිවරයා විසින් ලබා ගෙන තිබේ.
අක්කෙරෙයිපත්තුව - මඩකලපුව - තිරුක්කොන්ඩිආඩිමඩු මාර්ගය වැඩිදියුණු කිරීම සහ කල්ලඩි ප‍්‍රදේශයේ නව පාලමක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන දිළිඳු හිතකාමී නැගෙහිර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ COVEC (CHINA OVIRSEAS ENGINEERING Group comapey limided) වෙත 2007 දෙසැම්බර් මාසයේදී ප‍්‍රදානය කර ඇත. යෝජිත පාලමේ දිග මීටර් 288.35 වන අතර, එය පරායන 06කින් සමන්විතය.
මෙම ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබා ගැනීම සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවද ලන්සුවක් ඉදිරිපත් කර තිබූ අතර, එහි මිල ගණන රුපියල් 813,469,565.61 (වැට් රහිත) වේ.
එහෙත් මාගා ආයතනයට මෙම ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබා දීමට යන්නේ ඊට වැඩි මුදලකට බව වාර්තා වේ.
එහෙත් එම සමාගම නියමිත කාලවකවානුව තුළ ඉදිකිරීම් කටයුතු නිමා කර නොමැති බවත්, මෙම පාලම සම්පූර්ණ ඉදිකිරීම සඳහා ණය මුදලෙහි මුදල් භාවිතා කිරීම පිණිස, ණය මුදලේ කාලසීමාව අවසන් වන දිනය වන 2012 මැයි 19 වැනි දිනට පෙර ඉදිකිරීම් කටයුතු නිමා කළ යුතුව ඇති බවත් සඳහන් කරමින් කඩිමුඩියේම එම ඉදිකිරීමේ උප කොන්ත‍්‍රාත්තුව මාගා ආයතනයට පැවරීමට තීරණය කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends