දූෂිත ක‍්‍රියාවලට සම්බන්ධ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පලාත් සභා හා පළාත පාලන ආයතන මන්ත‍්‍රීවරුන්ගේ නාමලේඛනයක් ලබාදෙන ලෙස එම පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම නොසලකා හැර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
පොලිස්පතිවරයා පොලිස් කොට්ඨාශ මට්ටමින් මෙවැනි වාර්තාවක් ඉල්ලා තිබුණද මෙතෙක් ඊට අදාළ ලැයිස්තුවක් සකස්කොට නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
කෙසේ වුවද පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත පොලිස් කොට්ඨාස කීපයකින් ඒ සම්බන්ධ වාර්තා ලැබී ඇති අතර මිනී මැරුම්, ස්ත‍්‍රී දූෂණ, කප්පම් ගැනීම හා මංකොල්ල කෑම සම්බන්ධව මන්ත‍්‍රීවරුන් 107දෙනකුගේ තොරතුරු ඊට ඇතුළත්ව තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දූෂිත මන්ත‍්‍රීවරුන්ගේ වාර්තාවක් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයා, පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව පසුගිය 18වනදා අප වාර්තා කළෙමු.
Source - lankanewsweb.com