Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

දූෂිත රියල් අද්මිරාල්ට ආර්යාවගේ රැකවරණ


රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් (ඉංජිනේරු) රියල් අද්මිරාල් මහේෂ් ගුණසේකර (ගුණසේකර නානයක්කාර විජේරත්න වික‍්‍රමසිංහ ගුණසේකර වාසල මුදලිලාගේ ගාමිණී මහේෂ්) මහතාගේ තනතුර ආරක්ෂා කර දීම සඳහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් වී සිටි.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කටයුතු අධීක්ෂණය කරන ලබන ආර්යාව එම දූෂිත අද්මිරාල්වරයා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම මතය.

පසුගිය වකවානුවේ නාවික හමුදාවට යුද උපකරණ හා වෙනත් ඉංජිනේරු යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වීමේදී මෙම නාවුක නිලධාරීයා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇති බව ඒ සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයකදී තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා හතක් ඉදිරිපත් කර ඇත. ඉන් චෝදනා හතරක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව යුද අධිකරණයේ නඩු පැවරිය හැකි බවට නිර්දේශ කර තිබේ.
එම තත්ත්වය යටතේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී සේවයෙන් ඉවත්ව යන ලෙස නාවික හමුදාපතිවරයා මොහුට පවසා තිබේ. එසේ නොවුවහොත් යුද අධිකරණය හමුවේ මෙතෙක් දැරූ සියලූ තරනතුරු අහෝසි වී යා හැකි බවත් වසර හතකට නොඅඩු කාලයක් සඳහා සිරගතවීමට ඉඩ තිබෙන බවටත් නාවික හමුදාපතිවරයා ඔහුට පවසා ඇත.
තමාට රියාල් අද්මිරාල්වරයකු ලෙසම ඉවත්ව යෑමට අනුමැතිය දෙන්නේ නම් ඉල්ලා අස්වීමට සූදානම් බව මොහාන් ගුණසේකර මහතා එහිදී නාවික හමුදාපතිවරයාට පවසා තිබේ. එහෙත් එයට කිසිදු ලෙසකට ඉඩ දිය නොහැකි බව නාවික හමුදාපතිවරයා එහි දී පවසා තිබේ. වසර දෙකාමාරක් තිස්සේ රියාල් අද්මිරාල්වරයකු ලෙස ඔහු කටයුතු කර ඇත්තේ තාවකාලික පදනමක් මත බවත්, එම තනතුර ස්ථීර කර ගැනීමට හිතා මතා නොසැලකිලිමත් වීම ද බරපතල කාරණයක් බව සඳහන් කර ඇති නාවික හමුදාපතිවරයා, එහෙයින් ඉල්ලා අස්වනවිට තැබිය හැක්කේ කොමදෝරු නිලයේ බව අවධාරණය කර තිබේ.
නාවික හමුදාපතිවරයාගේ එම යෝජනාවය එකඟවී නොමැති මහේෂ් ගුණසේකර මහතා ඔහුගේ සමීපතම ඥාතියෙකුවන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මේ පිළිබඳ දැනුම් දී උදව් උපකාර ඉල්ලා ඇත. කෙහෙළි අමාත්‍යවරයා ජනාධිපති ආර්යාවගේ උපකාර ඉල්ලා ඇත්තේ ඒ අනුවය. ජනාධිපති පුත් නාවුක නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් මැදිහත් වී තිබේ. ඒ අනුව මහේෂ් ගුණසේකර ‘සාධාරණත්වයක්’ ඉටුකර දෙන ලෙස ජනාධිපති ආර්යාව ආරක්ෂක ලේකම්වරයාට නියෝග කර තිබේ.
මෙම තත්ත්වය යටතේ නාවික හමුදාපතිවරයා විසින් පත් කර තිබූ අභ්‍යන්තර විනය පරීක්ෂණ කමිටුව විසුරුවා හැර, ආරක්ෂක ලේකම්වරයා විසින් මහේෂ් ගුණසේකර මහතාට එරෙහි චෝදනා විභාග කිරීමට ත‍්‍රිවිධ හමුදාවේ නිලධාරීන් කීපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත. ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවන කෝලිත ගුණසේකර මහතා එම කමිටුවේ ප‍්‍රධානියා වේ.
ආරක්ෂක ලේකම්වරයා විසින් පත් කළ එම විනය කමිටුව රියල් අද්මිරාල් මහේෂ් ගුණසේකර මහතා නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවේ.

Source - lankanewsweb.com

Share this article with your friends