Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

රාජපක්ෂවරුන් බලයේ සිටිනතාක් මට අත තියන්න කාටවත් බෑ - මර්වින්


මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටින තාක්, ඩී.ඒ රාජපක්ෂ පරපුර බලයේ සිටින තාක් කල් තමාට අත තියන්නට කාටවත් හැකියාවක් නැතැයි මර්වින් සිල්වා පවසනවා. 

තමා මැද මුලන වලව්වේ හැදුණු වැඩුණු පුද්ගලයකු බැවින් වැරදි නොකරන බවත්, හැකිතාක් පුණ්‍ය කටයුතුවල නිරත වන බවත් ඔහු සඳහන් කළේ ඊයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ උපන් දිනය නිමිත්තෙන් ඔහුට ආශීර්වාද කිරීමට කැලණිය රජ මහා විහාරයේ පැවති පින්කමකට සහභාගීවීමෙන්.

කැලණිය ආසනය පුරාම නව ආසන සංවිධායකවරයකු ගැන ‍පෝස්ටරයක් අලවා තියෙනවා. කවුරු මොන ‍පෝස්ටර් ඇලෙව්වත් කැලණිය ආසනයේ ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායක මමයි. මම කප්පම්, පගාගන්න පුද්ගලයෙක් නොවෙයි. එහෙම කළානම් මට බුදුන් වැඩිය පුරවරයට පය තියන්නවත් බැරිවෙනවා. කැලණිය රජ මහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදියි මින් මතුවට මම වැඩකරන්නේ. මාධ්‍ය මගින් මට මඩ ගැසුවත් කිසිම දවසක මාධ්‍යවේදීන් සමග මගේ කිසිදු අමනාපයක් නැහැ. මාධ්‍යවේදීන් ළඟ වැඩියි. මම ඈත වැඩියි. අපි සමීපයි.

මට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව තීන්දුවක් ගන්න යනවා කියලා පුවත්පත් වල තියනව. මේ ගැන මම ප්‍රකාශයක් කරන්නම ඕනේ. මම දන්නේ නෑ මේකේ සත්‍ය අසත්‍යතාවය. සමහර පත්තර මගේ ජායාරූපයක් දාගන පත්තේ ටිකක් වැඩිපුර විකුණගන්නත් උත්සාහ කරනවා.

මම දන්නේ නෑ මොකක්ද කියලා මේ මධ්‍යම කාරක සභාවේ තියනවා කියන ප්‍රශ්නය. ඒකේ තියනවා මම අත පය කඩනවා කිව්වයි කියලා. පුරාන රජවරු රාජද්‍රෝහීන්ට දුන්නේ මරණ දඬුවම. දස්කොන් නිළමේ රජතුමාගේ නෝනට ආදරේ කරලා හිස ගසා දැම්මා. මේකයි සිංහල රාජවංශ කතාව.

ජනාධිපතිතුමා සිටින තාක්කල්, ඩී ඒ රාජපක්ෂ පවුල සිටිනතාක්කල් මර්වින් සිල්වට අත තියන්න කිසිවෙකුට බෑ. මේක ප්‍රසිද්ධ ප්‍රකාශයක්. ඇයි? මම මැදමූලන හැදී වැඩුන මිනිහෙක් හැටියට මම වැරදි නොකරමි. මම පුළුවන් තරම් පිං කරමි, මම අනුන්ට උදව් කරමි, මම අවිහිංසාවෙන් මගේ ඉදිරි ගමන සාර්ථක කිරීමට, කැළණිගේ මගේ ජනතාවට සේවය කිරීම මිස මගේ අදහසක් නැත.

අද මේ තරම් සෙනඟක් ඇවිල්ලා තියෙන්නේ මට ආදරේ නිසා. මගේ දරුවන්ට වැඩිය මම කැළණියට ආදරෙයි.


(මේ අවස්ථාවේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයටක කෝප වූ මර්වින් සිල්වා )
ඔයාගේ මොලේ ගිහින් කරුණාකරලා බලවාගන්න අංගොඩට ගිහිල්ලා. ඔයා ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙක් හැටියට ඔයාට ආරංචියක් තිබුනද මර්වින් සිල්වා මෙහෙන් අයින් කළා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ තියෙන්නේ පත්කරන්නෙත් ජනාධිපතිතුමා, අස් කරන්නෙත් ජනාධිපතිතුමා. ඔය වගේ මෝඩ කතා අහන්න එපා.

කසාදෙට අත්සන් කරපු එකා මගදි දැක්කම අහනවා, ඔයා කසාද බැන්දද කියලා. ඒ වගේ පිස්සෝ ඉන්නේ.


එහි වීඩියෝව පහතින්



තමා කැලණියෙන් යන්නේ කැළණි රජ මහා විහාරාධිපති නාහිමියන් හා ජනාධිපතිතුමා කිව්වොත් පමණක් බවද ඔහු එහිදී සඳහන් කලේය.

කැළණියේ පිංකමට සහභාගීවූ මර්වින් සිල්වා පංසලේ සිටි අලියෙකුට හාදුවක් දෙමින්.







Source: http://www.gossip9.com/2012/03/blog-post_1421.html#ixzz1qR3RazQ9

Share this article with your friends