Chitika Smowtion 468x60


Wednesday, March 28, 2012

උතුරේ අවතැන්වූවන් සඳහා වන සහන ව්‍යාපෘති ජුලි මාසයෙන් අවසන්


උතුරේ පළාතේ අවතැන්වූවන් හට පවත්නා ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා 2007-06-01 දින සිට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වූ කාර්යාලයේ අනුග‍්‍රහය ඇතිව නැවත පදිංචි කිරීම හා එම අයගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපෘතිය 2012-06-30 වැනි දිනෙන් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳව මහකොමසාරිස් කාර්යාලය නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සමග ඇති කරගත් එකගතාවයන්ට අනුව එම කාර්යාලයේ මූල්‍ය අනුග‍්‍රහය යටතේ, අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, යහපත් දිවිපෙවතක් ලබා දීම හා අනෙකුත් පහසුකම් සැපයීම සඳහා සම්බන්ධීකරණය සහ ඉටුකිරීම පිණිස පවත්වාගෙන යනු ලැබීය. මෙම ව්‍යාපෘතිය මගින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම පිළිබඳ දත්ත එක්රැස්කොට විශ්ලේෂණය කොට මාසික ප‍්‍රගති වාර්තා සකසා එම වාර්තා ජාතික මට්ටමට සහ අවතැන්වූවන්ට සහන සැලසිය හැකි ආයතනවලට ලබා දීමද සිදු කෙරිණ.
සමස්තයක් වශයෙන් ගත් කළ යුද මෙහෙයුම්වලින් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දෙලක්‍ෂ හැත්ත දෙදාහක් පමණ වන බව නැවත ලියාපදිංචි කිරීමේ අමාත්‍යාංශය ගණනය කර ඇති අතර, එම පිරිසෙන් 97%ක් පමණ දැනට නැවත පදිංචි කර අවසන්ව ඇති බවත්, නැවත පදිංචි කිරීම සඳහා තවමත් සහන ගම්මානවල ජීවත් වන 6040ක් පමණ වන සරණාගතයින් හට සුබසාධන කටයුතු සපයනු ලබන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි. බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරන ප‍්‍රදේශවලට අයත් ජනතාව එම ප‍්‍රදේශවලට යාමට නොහැකිව තවමත් සහන ගම්මානවල ජීවත් වෙති.

Source - lankanewsweb.com

Share this article with your friends