
ලංකා කම්කරු ක්‍රොන්ග‍්‍රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ ඊයේ (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.
තවද තොණ්ඩමන් අමත්‍යාවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධුර හා වෙනත් දේශපාලන පත්වීම් තොණ්ඩමන් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි පත්කර ගැනීමටද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් අනුමැතිය දී තිබේ. තමා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවලින් පසු එම එකඟතාවයන්ට එළඹි බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අමත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට පවසා තිබේ.
අප වෙත වාර්තාවෙන පරිදි තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කෙළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරු නඬේසන් මහතාද දායක වී තිබේ.
Source - lankanewsweb.com