Chitika Smowtion 468x60


Thursday, April 19, 2012

2012 දී ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.


ජාතික සංවර්ධන මට්ටම මැනීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. රටේ මුළු නිෂ්පාදනයේ වෙළෙඳපොළ අගය වසර මැද ජනගහනයෙන් එය ගණනය කරනු ලබනවා

2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 නොයික්මවා තිබුන අතර 2011 වන විට එය දෙගුණයක් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

එබැවින් 2012 වසර සඳහා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් ඉහල නැංවීම තම අපේක්ෂාව බව රජය ප්‍රකාශ කරනවා. ඉන්පසු 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට ගමන් කිරීමට හැකි බවයි මහ බැංකුව පවසන්නේ.


රජයේ වියදම් පියවාගැනීම හා අධික විදේශ ණය ගෙවීම සඳහා පසුගිය කාලයේ රජය විසින් අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කල අතර මේ නිසා ඉකුත් බ්‍රහස්පතින්දා රුපියල් කෝටි 340 දක්වා පහල වැටී තිබු බැංකු පද්ධතියේ ද්‍රවශීලතා තත්වය රුපියල් කෝටි 2160 දක්වා ඉහල ගොස් ඇති බව මහ බැංකු වාර්තා 
වල සඳහන්.

මේ තත්
ත්වය නිසා විදේශ මුදල් සංචිතයන් යලි ඉහල නැගීම හේතුවෙන් රුපියල් කෝටි 21,400 දක්වා පහල බැස තිබූ මහා භාණ්ඩාගාර බිල්පත් නිකුතුව යලිත් රුපියල් කෝටි 25,600 දක්වා මේ වසර තුළ දී ඉහල ගොස් තිබෙනවා.

භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ වැඩිවීමත්, ඊට සමගාමීව සිදුකෙරුණු බැංකු ද්‍රවශීලතාවයේ වැඩිවීමත් හරහා ආණ්ඩුව හිඟ පියවීමටයි මෙලෙස මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කර තිබෙන්නේ.








Source: http://www.gossip9.com/2012/04/2012-3000.html#ixzz1sTs5wsLn

Share this article with your friends