හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
චන්ද්‍රිකා හා රනිල් දෙදෙනා පසුගිය දා ඉන්දියාවට ගොස් ජනවාර්ගික අර්බුදය හා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සන්ධාන ආණ්ඩුව දරන ස්ථාවරය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී තිබේ. වහාම මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට අනතුරුව පුළුල් මාධ්‍ය මෙහෙයුමක් කි්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා එම ඇමතිවරුන් දෙදෙනාගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙන ලෙස, ජනාධිපතිවරයාගේ උපදෙස් මත අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකුගෙන් ඉල්ලීම කර ඇතැත් ඔවුන් සියලූ දෙනා මගහැර ගොස් තිබේ. ජනාධිපතිවරයා එකී කාර්යය සන්ධානයේ නියෝජනය කරන ඉහත ඇමතිවරුන් දෙදෙනා වෙත පවරා ඇත්තේ ඉන් අනතුරුවය.
Source - lankanewsweb.com