Chitika Smowtion 468x60


Thursday, April 19, 2012

ශ්‍රීලනිප වෘත්තිය සමිති නායකයින්ගෙන් ජනපතිට දොස්මූරයක් ?


ශ‍්‍රී ලංකා නිදහන් පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින් 18වනදා පෙරවරුවේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ‍්‍රවනාගාරයට කැඳවා ඇති අතර සාකච්ඡුා අතර වාරයේදී ඔවුන් සියලූ දෙනාම පාහේ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ශ‍්‍රීලනිප ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලිය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා ඔවුන් සියලූ දෙනා කැඳවා තිබේ.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මවුලානා හා අනුර ප‍්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුන් මෙන්ම ශ‍්‍රීලනිප වෘත්තීය සමිති නායකයන් විශාල පිරිසක් ද මෙම රැුස්වීමට සහභාගිවී ඇත.
මෙහිදී වෘත්තීය සමිති නායකයින්ගේ පළමු වාග් ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ජාතික හෙළඋරුමයේ චම්පික රණවක හා ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් දෙදෙනා වෙතය. එම ඇමතිවරුන් දෙදෙනා යටතේ පවතින අමාත්‍යාංශ දෙකෙහි හා ඊට අනුබද්ධ සියලූ ආයතනවල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරිකයින්ව මුළුමනින්ම නොසලකා හැර ඇති බවත්, ශ‍්‍රීලනිප වෘත්තීය සමිති එම අමාත්‍යාංශ දෙක තුළ මුළුමනින්ම දියකර හැර ඇති බවත් ඔවුන් චෝදනා කර තිබේ.
එසේම එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණ අමාත්‍ය ධුර ලබාගත් සියලූ දෙනා යටතේ පවතින රාජ්‍ය ආයතනවල බලය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් විසින් මෙහෙයවනු ලබන බවත් මෙහිදී චෝදනා කොට ඇති වෘත්තීය සමිති නායකයින්, ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළුමනින්ම හිටපු එක්සත් ජාතික පක්ෂික සතු වී ඇතැයි පවසා තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඇති ලේක් හවුස් ආයතනය මුළුමනින්ම පාහේ එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නායකයින් පාලනය කරනු ලබන බවත්, එම ආයතනයේ ශ‍්‍රීලනිප වෘත්තීය සමිතිය දියකර හැර ඇති බවත් ඔවුන් චෝදනා කර තිබේ.
ජනාධිපතිවරයාටත් මැති ඇමතිවරුන්ටත් වෘත්තීය සමිති සිහිපත් වන්නේ මැයි දිනය හා මැතිවරණයක් ආසන්න වූ විට පමණක් බවත් දැඩි ආවේගයෙන් යුතුව පවසා ඇති වෘත්තිය සමිති නායකයින්, ජනාධිපතිවරයා තවදුරටත් තම වෘත්තීය සමිති නොසලකා හැර කටයුතු කරන්නේ නම්, ඊට නිසි වන්දි ගෙවීමට ජනාධිපතිවරයාට ළඟදීම සිදුවනු ඇති බවත් අවධාරණය කර තිබේ.
වෘත්තීය සමිති නායකයින්ගේ ආවේගශීලී වාග් ප‍්‍රහාරය හමුවේ එතන සිටි සියලූ ඇමතිවරුන් නිහඩව බලා සිට එම චෝදනා සම්බන්ධයෙන් එකඟත්වය පළ කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends