මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතියකව සිටින තේ සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, ජනාධිපතිවරයාගේ බලය ප්‍රදර්ශනය කරමින් එම ආයතනයේ ගොඩනැගිලි හා කාර්යාල කාමර නවීකරණය කිරීමේ කටයුතු ඇයගේ ඥාතියෙකු වෙත ලබා දෙමින් අයතා ගණුදෙනුවක නියැලී සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මීට මාස කිහිපයකට පෙර රුපියල් ලක්ෂ ගණනක් වැයකොට අලූත් වැඩියා කරන ලද කාර්යාල කාමර පවා යළිත් කඩා බිඳදමා, රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වැයකොට අලූතින් නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ හිටපු බිරිඳවන ජානකී මහත්මියව, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කොට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට ජනාධිපතිවරයා දැනටමත් තීරණය කර ඇතැයි වාර්තාවේ.
Source - lankanewsweb.com