ඒ තුල පංති ඒකාධිපතිභාවය මොන ව්‍යවස්ථාව යටතේත් පවතිනව. එය සිදුවෙන්නේ මොන තරම් එළිපිටද නැද්ද කියල කියන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව තුල ඇති බල ආධිපත්‍යය උඩයි. එහෙම නැතුව පාර්ලිමේන්තු පරම බලය කිව්වට එය පවතින්නේ රාජ්‍ය බලය උඩයි. හමුදාවන්ට ඇති බලය උවමනා වෙලාවේදී එළියට එනව.
අනෙක් අතට රජයක් නිර්මානය වෙන්නෙම ජාතියක් මුල් කරල. ඒ අනුව ජාතික රජයක් සමඟ මහා ජාතිවාදය නිකම්ම පැටලෙනව. ඈත ඉතිහාසයේ කරුණුත් දමල මහ ජාතියේ ගැලවුම්කරුවා හැටියටයි රජයක් නිර්මානය වෙන්නේ. ඒනිසා රජයට බසක් තියෙනව විතරක් නෙමෙයි ආගමකුත් තියෙනව. එහෙම නැති යථාවාදී රජයක් තිඛෙන්නේ එක්තරා කඩතුරාවක් තුල පමණයි.
මොකද, හමුදාවක් හඳුනා ගන්නේ ජාති ආගම් සංකල්ප යොදාගැනීම උඩයි. ඒ අනුව හමුදාවක් පැහැදිලි ජාතිකත්වයක් වෙනුවෙන් පෙනී සිටිනව. ඉන්දියාවේ විවිධත්වයක් තිබුනත් මූලිකව හින්දුවරුන්ගෙ රජයක්. හින්දුවරුන්ගෙ ස්ථානය හැටියට සැලකීම උඩයි හමුදාවන් ගොඩ නැගිල තියෙන්නේ. නිර්ධනීන්ට මුහුණ දෙන්න වන ප්‍රධාන ප්‍රශ්නය මේ රජයේ බිඳවැටීම බලාපොරොත්තු වෙනව නම් එහි මතවාදයට විරුද්ධව නැගී සිටීමයි. මහ ජාතිවාදී මතවාදයන් බිඳින්නේ නැතිව විප්ලවයක් ගැන කථාකිරීම බොරුවක්.
අනෙක් අතට මහ ජාතිවාදී මතය තහවුරු කිරීමට කර දෙන වමේ පකෂයක් කරන්නේ ලොකු විනාශයක් ලංකර ගැනීමක්. ඇත්තටම අධිරාජ්‍යවාදී පීඩනයට විරුද්ධ නිදහසේ සටනකදී වමට සිදු වෙන්නෙ ජාතිවාදී මතයන්ට විරුද්ධව සටන් කරමින් පොදු නිදහසේ සටනට එක් වීමයි.
එදා අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නිදහස වෙනුවෙන් සම සමාජ පකෂය පෙනී සිටි නිසා සටන් කළ නිසා සිංහල මහ ජාතිවාදයට විරුද්ධව පෙනී සිටීමටත් ශක්තියක් ඔවුන්ට ලැබුනා.
ජාතිවාදයට විරුද්ධ වීම උඩ ඇත්තටම පීඩිතයගෙ පකෂයක් හැටියට මුළු රට පුරාම විහිදුන සම්බන්ධකම් රටපුරාම එදා ඇතිවුනා. පසුව එය ඔවුන් පාවා දුන්නා.
ජනතා විමුක්ති පෙරමුණ ඊට හාත්පසින්ම විරුද්ධව මහින්දගෙ ජාතිවාදී යුද්ධයට මහ ඉහලින් එකතුවුනා. ''අපි තමයි ඒ යුද්ධයේ පෙරමුණු බලකාය'' කියන තැනට පත්වුනා. මේ හේතුවෙන්ම අද ඒ පකෂය විශාල දෙදරීමකට ලක්වෙලා.
ඊලඟට අපට කල්පනා කරන්න තිියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි යම් ධනපති පකෂයක් බොරුවට හෝ ජාතිවාදයට විරුද්ධව ආගම් වාදයට විරුද්ධව යථාවාදී මතයකින් ක්‍රියා කරන බවක් පෙන්වනව නම් අපි මොකද කළ යුත්තේ?
ජාතික ප්‍රජාත්‍රන්ත්‍රවාදී පැත්තෙන් බැලූවත් එය ලොකු වෙනසක්. එවන් පකෂයක් සමග ජාතිවාදී බල ගැන්වීමකට විරුද්ධව සටන් කිරීමට පියවර ගැනීම අවස්ථානුකූලව කළ යුතු දෙයක්.
විශේෂයෙන් ම දරුණු මර්ධනකාරී, ජාතිවාදී, යුධවාදී තර්ජනයක් ඇති රජයකට විරුද්ධව වීදි සටනකදී එවන් එක්සත් වැඩ අවශ්‍ය වෙනව. කොහොමටත් සටන් බිමේදී වමේ පකෂයට වාසිය වැඩියි. නැතත් සකල බලය, විරෝධය සඳහා යොමු කළ යුතුයි.
ධනපති මර්ධන හස්ථය ගොඩනැගෙන්නේ නිර්ධනීන් තලා දැමීමෙන් පමණක් නොවෙයි. මර්ධක යාන්ත්‍රනය ගොඩනැගෙන්නේ සුළු ජන කොටස් වලට විරුද්ධව කරන මෙහෙයුම් වලින්. සුළු ජාතික කොටසත්, සිසුන්, මාධ්‍යවේදීන් මේ ආදී කොටස් මර්ධනය සඳහා හමුදා මෙහෙයුම් තුලින් මර්ධනයේ කෝඩුකාර ගතිය අරිනව. මේ වෙනුවෙන් ජාතිවාදී මතවාදයෙන් මෙහෙයුම් කිරීම සාමාන්‍ය ක්‍රමයයි. ජාතිය ගොඩ නැගීම වෙනුවෙන් මේ සියල්ල කිරීම තුලින් මෙය ජාතික වගකීමක් ලෙසට හදුන්වනව.
ඊලඟට නිර්ධනීන්ගේ අයිතීන් පාගා දැමීමට එන මර්ධකයන් හදුන්වනු ලබන්නේ ජාතික වැඩපිලිවෙලක් හැටියටයි. එයද ජාතිය රැකගැනීමට බවට කරුණු පෙන්වනව. දැන් ජනතා විමුක්ති පෙරමුණට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවුනා. ඔවුන් මහින්දගෙ යුද්ධ වෑයමට ඉහලින් උදව්වුනා. ''අපි මහින්දව යුද්ධයට ඇදගෙන ගියා'' කියල ලොකුවට පාරම් බෑව. දැන් ඒ අයටත් පිළිගන්න වෙලා ආණ්ඩුව යුද්ධය තම පැවැත්ම සඳහා යොදාගත් මායමක් බව. යුද්ධය හරහා ලබාගත් හයියට මුහුණ දෙන්නට දැන් ජනතා විමුක්ති පෙරමුණටත් සිදුවෙලා. තමා ඇතිදැඩි කළ සර්පයා තමන්ට විදින්නට එන බව ඔවුන්ට පිළිගන්න සිදුවෙලා.
එකට සටන් බිමේදී ගොඩනගන බලවේගය ඇත්තටම ධනපතියන් සමඟ එකට ආණ්ඩු කරන තැනට ගෙන යායුතු නැහැ. සටන තුළින් ලබාගත් හයිය තුල ධනපති පකෂය බලය ගත්තත් ගොඩනැගූ බලවේගය ජාතිවාදයට විරුද්ධ නම් එය නිර්ධනීන් සමග එකතුවීම තුලින් ආණුඩවට අභියෝග කිරීමට ඊලගට ගමන් කරනව. මේ ලෙසට ඊලඟ පියවරට සූදානම් වෙමින් සටන් ව්‍යාපාරය තුල සිටීමයි වැදගත්.
අනෙක් අතට වමේ බලවේගය නිසාම අළුත් ආණ්ඩුවට හිතුවට වඩා දේවල් කරන්නටත් සිදුවෙනව. මේ අනුව නිර්ධනීන්ගේ විප්ලවීය බලයක් හැදීම දක්වා ඉදිරි දර්ශනයක් තිබීම වැදගත්.
Source - lankanewsweb.com