Thursday, April 19, 2012
හොර සී.ඩී සොයා පොලීසියෙන් නැවත වැටලීම්
2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ MP3, MP4 සහිත CD, VCD සංයුක්ත තැටි ව්‍යාජ ලෙස පිටපත් කිරීමත්, ලඟ තබාගැනීමක් වරදක් වන අතර මීට පෙර පොලීසිය විසින් කොළඹ මල්වත්ත පාරේ කල හදිසි වැටලීමකදී ව්‍යාජ සි.ඩී තැටි රාශියක් අත්අඩංගුවට ගත්තා.
ඒවා අලෙවි කර තිබුනේ එකක් රුපියල් සියය බැගින්. ඒවා ලබා දුන් වෙළෙන්දන් කීප දෙනෙක් ද අත් අඩංගුවට ගත් නමුත් වැටලීම් දිගටම ක්‍රියාත්මක වුනේ නැහැ.
නැවත පෙරේදා සිට, ජනප්‍රිය චිත්‍රපට සහ ගී තැටි ව්‍යාජ ලෙස මුද්‍රණය කරන මධ්‍යස්‌ථාන සහ ඒවා අලෙවි කරන ස්‌ථාන වැටලීමේ පුළුල් මෙහෙයුම් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ආරම්භ කර තිබෙන බව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරිවරයා පවසනවා.
පෙරේදා කළ වැටලීමකදී ව්‍යාජ සී. ඩී. තැටි මහා පරිමාණයෙන් මුද්‍රණය කරන මධ්‍යස්‌ථානයක් සහ ඒවා අලෙවි කරන මධ්‍යස්‌ථාන දෙකක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ඔවුන් පවසන්නේ.
ගීත MP3, MP4 ලෙස පිටපත් කර විකිණීම හා ලඟ තබාගැනීමත්, පෙන් ඩ්‍රයිව්, අයිපොඩ් හා ජංගම දුරකථන තුලට ගීත ඇතුලත් කිරීමත් රු. ලක්ෂ 5 දක්වා දඩ මුදලක් හෝ මාස 6කට නොවැඩි සිර දඬුවමකට ලක්වන වරදක් බව පවසමින් සි.ඩී කැසට් අලෙවි සල් හිමියන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ දැන්වීමක් පහතින්.
Source: http://www.gossip9.com/2012/04/blog-post_471.html#ixzz1sTt1N9pU
හොර සී.ඩී සොයා පොලීසියෙන් නැවත වැටලීම්
2012-04-19T16:01:00+05:30
Admiral