Thursday, April 19, 2012
සනත්ගේ අවුඩි වික්‍රමය
ක්‍රිකට් ප්‍රසිද්ධ වී ඇත්තේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. එම ක්‍රීඩාව ක්‍රීඩා කල සනත් ජයසූරිය ද මහත්මා ගතිගුණ ඇති ක්‍රීඩකයෙක් ලෙසයි ලොව ප්‍රකට උනේ.
එහෙත් ක්‍රීඩකයාගේ මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී කෙනෙකුගේ නොහික්මුනු කමක් ඔහුගෙන් ඉස්මතු වූ අවස්තාවක් අපට වාර්තා වෙනවා.
තම අවුඩි රථයෙන් කොළඹ සිට මහරගම හංදියට පැමිණි සනත් ට අවශ්‍ය වුනේ දකුණු අධිවේගී මාර්ගයට යෑමටයි.
එහෙත් "වන් වේ" වූ එම මාර්ගයෙන් හයිලෙවල් මාර්ගයට පිවිසීමට නම් පමුණුව පාරේ විත් ජනාධිපති විද්‍යාලය අසලට ආ යුතු උවත් ඔහු කලේ තම මංත්‍රී බලය පාවිච්චි කිරීම බවයි වාර්තා වන්නේ.
අසල සිටි පොලිස් නිළධාරියකුට කතා කොට අධිවේගී මාර්ගය ට පිවිසීම සඳහා පොලිස් එස්කොට් ලබාදෙන්න යැයි පැවසුවද එම නිළධාරියා එයට අකමැති වී තිබෙනවා.
නමුත් තම මංත්‍රී බලය පාවිච්චි කල සනත් ඔහුට බලපෑම් කොට කෙසේ හෝ පොලිස් එස්කොට් ඇතිව වැරදි පාරෙන් අධිවේගී මාර්ගයට පිවිසි බවයි වාර්තා වන්නේ.
Source: http://www.gossip9.com/2012/04/blog-post_6163.html#ixzz1sQNg3mQx
සනත්ගේ අවුඩි වික්‍රමය
2012-04-19T01:37:00+05:30
Admiral
