Chitika Smowtion 468x60


Tuesday, April 24, 2012

හම්බන්තොට වරායට පැමිණෙන වාහන අධිවේගය ඔස්සේ කොළඹට!


කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර ඇති බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා. 


මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.
ඒ අනුව වාහන ආනයන හිමියන්ගේ පහසුව පිණිස හම්බන්තොට වරායට ගොඩබාන වාහන කොළොඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලට  ගෙන යාම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය රාත්‍රී කාලයේදී විවෘත කර දීමට තීරණය කර තිබෙනවා.
මෙතෙක් කල් අධිවේගී මාර්ගයේ වාහන පටවාගත් වාහන ඇතුල් කර නොගත්තේ එය අනතුරු දායක බව පවසමින්.
 
වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ හම්බන්තොට වරායට වාහන ගොඩ බෑම ආරම්භ කිරීම තුලින් වාසි රාශියක් අත්වන බවයි.

ජාත්‍යන්තර මුහුදු ගමන් මාර්ග අනුව හම්බන්තොට වරාය තිබෙන්නේ කිලෝමීටර් 6 ක් ආසන්නයේ බවත් එම නිසා කොළොඹ වරායට ලඟාවීමේදී වැය වන අතිරේක පැය නවයක කාලයක් හා 60% ක පමණ තීරු බදු ගාස්තු අවම කර ගත හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නමුත් වාහන ආනයනකරුවන් පවසන්නේ එකවර වාහන හයකට වඩා හම්බන්තොට වරායේ සිට ප්‍රවාහනය කිරීමට නොහැකි නිසා වාහන ප්‍රවාහනය කිරීම සඳහා විශාල ගාස්තුවක් වියදම් කිරීමට සිදුව ඇති හෙයින් වාහනයක මිල රුපියල් 25,000 කින් පමණ ඉහල යාමට හැකි බවයි.






Source: http://www.gossip9.com/2012/04/blog-post_2103.html#ixzz1sxf6YhC9

Share this article with your friends